සුබ හෝරාවෙන් වාසනාව උරගාන්න

සැප්තැම්බර් 6, 2019
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය. 
 
වාසනාව උර ගෑම සඳහා විවිධ ක්‍රම ඇත. රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත්. අශ්ව රේස්, කැසිනෝ, මැණික් ගැරීම් හා නීති විරෝධි කාඩ් සෙල්ලම් ආදි ක්‍රම වලින් වාසනාව උර ගෑමට පුලුවන. බොහෝ අය වාසනාව උර ගාන්නේ වාසනාව නො ලැබෙන අසුබ වේලාවන් තුළ ය. ඔබේ ලග්නය අනුව සුබ හෝරාවෙන් වාසනාව උර ගාන්න. අනිවාර්යයෙන් ම ඔබට ජයග්‍රහණයක් උදා වේ. 
රාජ්‍ය අනුග්‍රහය මත නිකුත් කරන ලොතරැයි පත් රාශියක් දැනට වෙළඳ පොළේ ඇත. වාසනාව උර ගෑම සඳහා ලොතරැයි පත් ගන්නේ ලොකු තෑග්ගත් බලාපොරොත්තුවෙනි. ධනවත් වී හොඳ යහපත් ජීවිතයක් ගත කිරීම කාගෙත් ආශාවකි. එම වාසනාව ලබා දෙන භාග්‍යයක් ඔබට තිබේදැයි බැලිය හැකි එකම මාර්ගය වන්නේ ඔබේ උපන් වේලාවට සාදා ඇති හඳහන යි. හඳහන නිවැරදිව පරික්ෂා කිරීමෙන් ඔබට වාසනාව තිබේදැයි පැහැදිලිව දැන ගත හැකිය. ඔබ උපන් ලග්න අනුව ඔබට සුබ දින හා සුබ හෝරාව දී තිබේ. ඔබ වරක් මෙම සුබ හෝරාවෙන් වාසනාව උරගා බලන්න. 
මෙම ලිපියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සුබ හෝරාවෙන් වාසනාව උර ගෑමේ මාර්ගය පහදා දීමයි. ඒ සඳහා පළමුව ඒ ඒ ලග්න වලට වාසනාව උර ගෑම සඳහා සුබ පල දෙන ග්‍රහයා හඳුනා ගත යුතු ය. සමහර ග්‍රහයින් අසුබ පල දෙන අතර සමහර ග්‍රහයින් සුබ පල දෙයි. විශේෂයෙන් ඒ ඒ ලග්න වලට හිමි යෝග කාරක ග්‍රහයා වාසනාව උර ගෑම සඳහා ලොකු උපකාරයක් කරයි. ඔබේ ලග්න අනුව සුබ ග්‍රහයින් මෙන් ම යෝග කාරක ග්‍රහයා පහත දැක් වේ. 
මේෂ ලග්නය 
මේෂ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි , සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා ගුරු ය. මේෂ ලග්නයෙන් උපන් අයට බ්‍රහස්පතින්දා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 අතර ගුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරා වලින් වාසනාව උර ගාන්න. 
වෘෂභ ලග්නය 
වෘෂභ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. වෘෂභ ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00- 2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න.
මිථුන ලග්නය 
මිථුන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මිථුන ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
කටක ලග්නය 
 කටක ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. කටක ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
සිංහ ලග්නය 
සිංහ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. සිංහ ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උර ගාන්න. 
කන්‍යා ලග්නය 
 කන්‍යා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ හා සිකුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කන්‍යා ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ හා සිකුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
තුලා ලග්නය 
තුලා ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ කුජ, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සෙනසුරු ය. තුලා ලග්නයෙන් උපන් අයට සෙනසුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ ශනි හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල කුජ– බුධ , සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
වෘශ්චික ලග්නය 
වෘශ්චික ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ, හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සඳු ය. වෘශ්චික ලග්නයෙන් උපන් අයට සඳුදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සඳු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු හෝරාවලින් වාසනාව උරගාන්න. 
ධනු ලග්නය 
ධනු ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, සඳු, කුජ හා ගුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. ධනු ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00 -2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, සඳු, කුජ හා ගුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
මකර ලග්නය 
මකර ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ බුධ , සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. මකර ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල බුධ, සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උර ගාන්න. 
කුම්භ ලග්නය 
 කුම්භ ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, කුජ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා සිකුරු ය. කුම්භ ලග්නයෙන් උපන් අයට සිකුරාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ සිකුරු හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, කුජ, සිකුරු හා සෙනසුරු හෝරාවලින් වාසනාව උරගාන්න. 
මීන ලග්නය 
මීන ලග්නයට සුබ ග්‍රහයින් වන්නේ රවි, බුධ, සිකුරු හා සෙනසුරු ය. බලවත් ම යෝග කාරක ග්‍රහයා කුජ ය. මීන ලග්නයෙන් උපන් අයට අඟහරුවාදා උදේ 6.00-7.00 හා දවල් 1.00-2.00 තුළ කුජ හෝරාවෙන් ලොතරැයි පතක් මිලයට ගන්න. අනෙක් දවස්වල රවි, බුධ. සිකුරු හා සෙනසුරු යන හෝරාවලින් වාසනාව උරගාන්න. සුබ හෝරාව සඳහා දී තිබෙන වේලාව හිරු උදාව අනුව ගලපා ගත යුතුය. මෙම හෝරාවල පංචම හෝ සූක්ෂම හෝරාවෙන් වාසනාව උර ගාන්න. ලොතරැයි පත් ලබා ගන්නා දිනයට අයත් නැකත හා තමන් ගේ නැකත සමඟ සම්පත් යෝගයක් තිබේ නම් හෝරාව බලවත් ය. එම හෝරාව පක්ෂියා රජ වන වේලාව අයත් නම් වඩාත් සුදුසු ය. 
වාසනාව උර ගෑමට පෙර තමන් ගේ හඳහන පරික්ෂාවට ලක් කළ යුතුය. විශේෂයෙන් ධන යෝග තිබේනම් අනිවාර්යෙන් ම වාසනාව උදා වෙනු ඇත. අසුබ හෝරා වලින් වාසනාව උර ගෑම අත් හැර තමන් ට අයත් සුබ හෝරාවලින් වාසනාව උරගා බලන්න. ඔබට ජය අත් වෙනු නියතය. 
 
ඡ්‍යොතිර්වේදී 
ග.මු.සුබසිංහ 
මාදිවෙල, කෝට්ටේ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.