ධනුවට සුබඵල ගජ යෝගයෙන්

ඔක්තෝබර් 4, 2019

ධනු ලග්න හිමියන්ට සුබඵල ගෙන දෙන යෝග බලයක් වන ගජ යෝගය 2019 ඔක්තොම්බර් 18 වන දින පාන්දර 1 පසුවී විනාඩි 3 ට රවි ග්‍රහයා තුලා රාශිගතවීමත් සමඟ ඇතිවනු ඇත. මෙම යෝග බලය සිකුරු ග්‍රහයා තුලා රාශියෙහි තැන්පත්ව ගමන් කරනු ලබන 2019 ඔක්තොම්බර් මස 28 වන සඳු දින පෙරවරු 8 පසුවී විනාඩි 33 දක්වා වූ කාලය තුළ ගජ යෝග බලය පවතිනු ඇත.=

ධනු ලග්න හිමියන්ගේ භාග්‍යස්ථානය අධිපති වූ රවි ග්‍රහයාත් එකොළොස්වැන්න අධිපති වූ සිකුරු ග්‍රහයාත් එකොළොස්වැන්නෙ තැන්පත් වෙමින් ගමන් කිරීම තුළින් ගජ යෝගය උදාවනු ඇත. මෙම වකවානුව තුළ ධනු ලග්න හිමියන්ට කරන කටයුතු වලින් ආර්ථික වාසි හිමි වන අතර අර්බුධ වලින් මිදී සතුටින් සිටීමට හැකි වන කාලයක් වේ. විශේෂයෙන් මෙම කාලය තුළ ධනු ලග්නයෙන් උපදින දරුවන් හට ගජ යෝග බලය හේතුවෙන් වයස 20 ක් 30 ක් අතර කාලය තුළදී ඉතා උසස් වාසනාවක් ජීවිතයක් ගත කිරීමට හැකි දියුණුව අත්වන ධනවත් පුද්ගලයකු බවට පත්වීමට අවකාශ අත්වන වාසනාවන්ත දූ දරුවන් බවට පත්වනු ඇත.

 

ඡ්‍යොතිෂවේදී-

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.