දෙසැම්බර් 26 වෙනිදා වළයාකාර සූර්යග්‍රහණයක්

ඔක්තෝබර් 25, 2019

උත්තරායන ශිශිර සෘතුවේ ධනු රවි 11 භාග වූ හෙවත් රාජ්‍ය වර්ෂ 2019 ක් වූ දෙසැම්බර් මස 26 වෙනි ගුරු දින වළයාකාර සූර්යග්‍රහණයෙහි මධ්‍යය පෙරවරු 10.49 ට ධනු රාශිය මුල නැකත 03 පාදය ආශ්‍රතව වළයාකාර සූර්යග්‍රහණය සිද්ධ වෙන්නේ ය.

චන්ද්‍රයාගේ පූර්ණ ඡායාව අහසෙහි පිහිටා උපඡායාව පමණක් පොළොවට පතිතවීමෙන් හෙවත් චන්ද්‍රයා වටේ රිදී වළල්ලක් දර්ශනය වෙන පරිදි ග්‍රහණයක් සිදුවීමට වළයාකාර සූර්යය ග්‍රහණයයි හඳුන්වනු ලබන අතර මේ වර්ෂයෙහි අවසානම ග්‍රහණයද මෙවැන්න වෙයි.

රවි, චන්ද්‍ර සප්තම දෘෂ්ටියද දහවල් 1.00 ට චන්ද්‍ර ගුරු සම සප්තම දෘෂ්ටිය ද දෙසැම්බර් 16 පස්වරු 03.28 ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා ධනු රාශි ගත වීමද දෙසැම්බර් 05 පෙරවරු 10.34 ට බුධ ග්‍රහයා වෘශ්චික රාශිගතවීමද දෙසැම්බර් 25 පස්වරු 03.46 ට බුධ ධනු රාශිගතවීමද කුජ ග්‍රහයා දෙසැම්බර් 25 රාත්‍රී 09.27 ට වෘශ්චික රාශි ගතවීමද දෙසැම්බර් 15 පස්වරු 05.59 ට සිකුරු මකර රාශි ගතවීමද යන ග්‍රහ මාරුවීම් සමඟ කුජ උදාව බුධ, ශනි, නැප්චූන්, ප්ලූටෝ නිවෘති ද ගුරු සිකුරු අස්තය ද යුරේනස් වක්‍රය ද මෙකී සූර්යග්‍රහණය කෙරෙහි ග්‍රහණය වෙන්නාවූ සුවිශේෂී ග්‍රහගති ලෙස විද්‍යාමාන වෙන්නේ ය.

අප රටට ද මෙකී සූර්යග්‍රහණයේ සුබාසුබ තරමක් දුරට බලපානු ඇත. උදා රාශි කුම්භයෙහි නැප්චූන් නිවෘතිවද වක්‍ර යුරේනස් සමව 03 වැන්නවූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද අඟහරු ස්වක්ෂේත්‍රව දහවැන්නවූ කර්මස්ථාන ගතවද චන්ද්‍ර සෙනසුරු සමවද රවි, කේතු නිවෘති ප්ලූටෝ මිත්‍රශීලීවද මුල ත්‍රිකෝණ වූ බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව ද අයස්ථානය වූ 11 වැන්නේ ය. අස්ත සිකුරු 12 ද තැම්පත්ව ඇත. රවි, චන්ද්‍ර, බුධ, ගුරු, ශනි පංචම ග්‍රහයෝගය 11 වැන්නේ ය. ගුරු ශනි යෝගය ද සමඟ පරිවර්තන යුගයක් කරා මන්දගාමීව පවතින පැතිකඩව බලපෑමෙන් විපරීතව ක්‍රියාත්මක ස්වභාවයක් උසුලනු පෙනී යන්නේ ය.

ජාතික ආගමික වශයෙන් ව්‍යවස්ථා කෙටුම්පත් සකස්වීම, කෘෂිකාර්මික, කාර්මික කම්කරු ජනතා ප්‍රබෝධයක් පහළවීම, දේශප්‍රේමී, ජාති හිතෛෂීන් ධනාත්මකව හෝ ගුණාත්මක ක්‍රියා කලාපයකට ඒකරාශිවීම, ත්‍රාසය, භීතිය, දූෂණය පලවා හැරීම, ජාතික ධනය කෙරෙහි තුඩුදෙන සංවර්ධන ව්‍යාපාර සමාරම්භය, නව තාක්ෂණික දියුණුව, කෙරෙහි මෙම ග්‍රහචාරය බලපානු ලබයි.

07 පිටුවට...

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.