දුක සැප දෙකම දෙන කාලසර්ප යෝගය

නොවැම්බර් 1, 2019

කාලසර්ප යෝගය පිහිටි පමණින්ම බිය නොවී ආගමානුකූලව සිය කටයුතු කරගෙන යෑමට නිතර සිතන්න. පින්කම් කිරීම ඉතාම යහපත්ය. සතුන් නිදහස් කිරීම උරගයින් නොමැරීම, සතුන්ට ආහාරපාන දීම ඉතාමත්ම යහපත්ය.

කේන්ද්‍රයක රවි – චන්ද්‍ර, කුජ, බුධ , ගුරු, ශුක්‍ර, ශනි යන ග්‍රහයින් 7 දෙනාම රාහු හා කේතු ඡායා ග්‍රහයින් දෙදෙනාට මැදිවී සිටීම කාල සර්ප යෝගය යැයි හඳුන්වනු ලැබේ.

මෙකී කාලසර්ප යෝගය සෑදෙන අන්දම 12 ආකාරයකි. ඒ ඒ පිහිටීම් අනුව ප්‍රතිඵල වෙනස්වේ. යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලයන්ද අත්වන බැව් පැහැදිලිය. ලග්නයේ සිට කුමන, භාවයක හෝ රාහු සිටීමෙන් ඊට විරුද්ධ භාවයේ කේතු සිටීමෙන් ඔවුන් දෙදෙනාගෙන් දෙපසින් එක් පසෙක අනික් සියලුම ග්‍රහයින් 7 දෙනාම සිටීම හේතු කොට ගෙන කාලසර්ප යෝගය උදාවන බැව් ඡ්‍යොතිෂයේ සඳහන්ව තිබේ.

හැමවිටම කාලසර්ප යෝගය අශුභම යැයි පැවසීම යුක්තිසහගත නොවේ. හොඳ නරක දෙකම මෙම යෝගයේ අන්තර්ගතයන්ය. 1 වැන්නේ රාහු හා 7 වැන්නේ කේතු සිටීමෙන් යෙදෙන කාලසර්ප යෝගය මෙවැනි ග්‍රහ පිහිටීම අනුව කායික, මානසික පීඩාවන්ට ගොදුරු වේ. යුගදිවියට ද අයහපත් වේ. නිතර පාපී අදහස් උද්ගත වන්නේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.