පෙරළි රැසක් ඇති කරමින් රවි වෘශ්චික රාශි ගත වේ

නොවැම්බර් 15, 2019

ලොව පාලනය කරන්නා වූ රාජ්‍ය කාරක රවි 2019 නොවැ. 16 වෙනි දින ශනි පැය 46. 42 න් කුජ හිමි වෘශ්චික රාශිගත වේ. එදින සිට පුරා මසක පමණ කාලයක් 2019.12.16 දින සවස්වනතුරුම රවි එහි ගමන් කරනු ලබයි

වෘශ්චික රාශිය සෑදී ඇත්තේ විසා එක් අනුර, දෙට වෘශ්චිකය රැස කීවාසේ ගුරු හිමි විසා නැකතේ හතරවන පාදයද ශනි හිමි අනුර නැකත හා බුධ හිමි දෙට නැකත් දෙකෙහි සම්පූර්ණ පාද එකතුව පාද නවය තුළ වෘශ්චික රැස සම්පූර්ණවේ. මේ අවස්ථාවේ තත්කාල ලග්නය සිංහය වන අතර නවාංශකය මිථුනය වේ. රවි වෘශ්චික රැසෙහි හැසිරෙන කාලය තුළ නොවැම්බර් 21 වෙනි දින සිකුරු ගුරු හිමි ධනු රැසම ඒමත් දෙසැ. 05 වෙනි දින බුධ, වෘශ්චික රැසට පැමිණීමත්, දෙසැ. 15 වෙනි දින සිකුරු මකර රාශිගතවීමත් සිදු විය. තත්කාල ග්‍රහ පිහිටීම් මෙසේ ය. තුන් වැන්නේ කුජ, බුධ සිටීමත්, හතර වැන්නේ රවි, සිකුරු සිටීමත්, පස් වැන්නේ ගුරු ශනි, කේතු සිටීමත් සත් වැන්නේ නෙප්චූන් (වක්‍ර) සිටීමත් නව වැන්නේ යුරේනස් (වක්‍ර) පිහිටීමත් 11 වැන්නේ සඳු රාහු සිටීමත් විද්‍යාමාන වේ. නොවැ. 27 දින නෙප්චූන් නිවෘත වේ.

ඉහත ග්‍රහ තත්ත්වයන් සැලකිල්ලට ගත් කළ පුවත්පත් කලාවේදීන්ට හිතකර බවක් නොපෙන්න අතර ප්‍රවාහණ සේවා, තැපැල්, විදුලි සංදේශ අංශවල අඩපණ වීම් සිදුවීමට අවකාශ ඇත.

07 පිටුවට....

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.