අ.සො.ස.සාපෙළ විභාගයට පිටත්වීමට සුබ නැකැත්

නොවැම්බර් 22, 2019

2019 දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය 02 වැනි සඳුදා සිට දෙසැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වෙන බව සඳහන් වේ.

ආරම්භක දිනය වන සඳුදා, සුවණ නැකත අනුව දිනයට සිද්ධි යෝග බලය යෙදේ. සූ.උදාව 6.07 සිට පෙ.ව. 11.42 දක්වා එම නැකතත්, ඉන්පසුව යෙදෙන දෙනට නැකැත් බලය අනුව ශුභ යෝග බලය යෙදේ. මේ අනුව මෙවර විභාගය පැවැත්වෙන ආරම්භක දිනය ශුභවී ඇත. ආරම්භක සඳුදා දිනයේ රාහු කාලය උදේ 7.37 ට ආරම්භ වේ. ඊට ප්‍රථම තම පරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යන්න. සෑම දිනකම සුදු මල් වට්ටියක් පහන් දල්වා පූජා කොට තමා අදහන ආගම – දහමක ආශිර්වාද ලබාගෙන , පිටත්ව යන විට, “ජයෝ මුනින්දස්ස – සුබෝධි මූලේ” යන ගාථාව සිහිපත් කොට ගෙන එදිනට දී ඇති ශුභ දිශාව බලා පිටත්ව යන්න. දී ඇති වේලාවන් ප්‍රාදේශීය සූර්ය උදාව අනුව අඩු විනාඩි කරගැනීම අවශ්‍ය නැත. යාමට ඇති දුර, ප්‍රවාහන පහසුව සලකා ගෙන එදිනෙදා සූ.උදාවෙන් විනාඩි 02 කට පසුව වෛතාල නම් ශුභ හෝරාවෙන් ද උතුර බලා පිටත්ව යා හැකිය.

සියලු දූදරුවන්ට ඵලදායි ජයම ලැබේවා !

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.