සිකුරු ඉරබටු තාරකාවිය සෙනසුරු සමඟ සටන් වදී

නොවැම්බර් 29, 2019

චන්ද්‍ර ගුරු සප්තම දෘෂ්ඨිය සිකුරු සෙනසුරු සම සප්තම දෘෂ්ඨිය ද මේෂ රාශි උදාවද සමඟ සිකුරු, සෙනසුරු දෙසැම්බර් 11 බුධ දින පස්වරු 03.36 ට යෙදුන මහ සංග්‍රාමයෙන් සෙනසුරු ග්‍රහයා විජයග්‍රහණය උදාකරගත්තේ ය.

මේෂ රාශි උදා ග්‍රහ සටහනට සමගාමීව ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ කේන්දර ග්‍රහ සටහන විමර්ශනය මෙසේ වෙන්නේය. නිවෘත නැප්චූන් සමව කුම්භ ලග්න ගතවද වක්‍ර යුරේනස්, සමව 03 වැන්නවූ වික්‍රමස්ථානවද, උච්ච මූල, ත්‍රිකෝණව චන්ද්‍රයා 04 වැන්නේද රාහු මිත්‍රශීලිව 05 වැන්නේද අඟහරු සමව 09 වැන්නවූ භාග්‍ය ස්ථාන ගතවද රවි, මිත්‍රශීලිව බුධ සමව 10 වැන්නවූ කර්මස්ථානගතවද සිකුරු සමව ප්ලූටෝ නිවෘතිව මිත්‍රශීලිවද ශනි සමවද කේතු මිත්‍රශීලිවද ත්‍රිකෝණගතව බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව මූල ති‍්‍රකෝණව අය ස්ථානය වූ 11 වැන්නේද නිදහස් කුම්භ රාශි ග්‍රහ සටහනේ දී විද්‍යමාන වෙන්නේ ය.

අවිහිංසාව අවංකබව, පිරිසුදු චරිතය සත්‍යවාදීබව යහපත් සිහිකල්පනා යන මානුෂික ගුණාත්මක මෙන්ම ධනාත්මකව පදනම්ව සාමය සමඟි සමාදානය තුළින් ශුභවාදීව අර්ථවත් හරවත් පොදු ජනතා සුභසාධන සමාජගත සැළසුම් ක්‍රමවේදයන්ගෙන් පරිපූර්ණ ජනසම්මත හිතවාදි ප්‍රගතිශීලි ජවබල සම්පන්න ජන ප්‍රධානියෙකු පහළවීමක් 11 වැන්න වූ අයස්ථානගත සහ 10 වැන්න වූ කර්මස්ථානගත ග්‍රහ ගමනෙන්ද සෙනසුරුගේ විජයග්‍රහණයෙන්ද ජාති හිතෛෂී දේශපේ‍්‍රමීහු ධර්මශාස්ත්‍රීය සංස්කෘතිකමය ප්‍රබෝධයෙන් මානසික දියුණුවෙන් උත්තරීතර මනුෂ්‍යත්වය හඳුනන රටදැය සමය සුරකින නීති විනයගරුක නිහතමානී නිරහංකාර ආචාරශීලි සදාචාර සම්පන්න නිදහස් නිවහල් සුඛිත මුදිත වූ මානව හිතවාදි ප්‍රබුද්ධ රාජ්‍යය තාන්ත්‍රිකයන් ඇතුළුව කාර්මික කෘෂිකාර්මික කම්කරු, පුරවැසි ජන ප්‍රවාහයක් සෙනසුරු විජයග්‍රහණය තුළින් යුගකාලීන දැක්මක් ස්ථාපනය වෙන බවට පසුබිම තුළ දැක්මක් නිර්මාණය වෙන්නේය. දේශපේ‍්‍රමී වීරෝදාර ප්‍රෞඪ පෞරුෂ්‍යමත්ව ශ්‍රී ලංකා මාතාවගේ ප්‍රතිපත්තිගරුක ජනසම්මතවාදී ජනතාවක් සංස්කරණය වීමෙහිලා බොහෝදුරට ගුරු, ශනි සුසංයෝගය කුම්භ රාශි ගහ සටනෙහි ප්‍රබලතම ග්‍රහ නිවේදනයෙකි.

07 පිටුවට.......

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.