මුදා ගන්නට අපේ ලංකා මෑණි මින්මතු ඔබට බාරයි

නොවැම්බර් 29, 2019

උදා වන නව හිරුගෙ කිරණින් සුපින් බර බිම අලං කාරයි
එදා සිට රට දැයට හා ආගමට වූ උවදුරු හමාරයි
මෙදා ජය ධජ නැඟූ ගෝඨාභය මැතින්දා හරි උදාරයි
මුදා ගන්නට අපේ ලංකා මෑණි මින්මතු ඔබට බාරයි

කඳුරු ගංගා කොතෙක් බාධක එළඹුණත් මගහැර ගලනවා
අඳුරු බව දුරු කරන හිරු කැන් එකලෙසින් සැමටම ලැබෙනවා
සොඳුරු ලෙස සියපතේ පෙති එකිනෙක පිපී සුසුවඳ සදනවා
මැඳුරු පැල්පත්, ජාති, ආගම් භේද නැති රට ගොඩ නැඟෙනවා

නැකත පිළිවෙත, සිරිත ,දිරිසිත සුරැකගෙන ඔබ තැබූ පියවර
දියත පතළව හිඳින තිස්තුන් කෝටියක් දෙව් බලෙනි හැමවර
කියත හැකිවෙයි පස් වසක් නොව විනය ගරුකම ලෙසින් නිසියුර
නියත වම දිවි ඇති තුරා ඔබෙ බලය සුරැකෙයි මැතිඳ නිරතුර
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.