කෘෂිකාර්මික, කාර්මික දියුණුවට ශ්‍රී කාල සම්පත්ති ජය මුහුර්තයක්

දෙසැම්බර් 6, 2019

තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ, ගමන් බිමන්, නඩුහබ, නිර්නාමික තොරතුරු මර්ධනයට, නිදන්ගත රෝගාබාධක සඳහා ඖෂධ නිෂ්පාදනයට, අධ්‍යාපනික කටයුතුවලට මෙන්ම කාර්මික , කෘෂිකාර්මික , කම්කරු, ජනතාවගේ කරුණු කාරණ සාර්ථකත්වයද, නම්බුනාම කීර්ති ප්‍රශංසා, රැකියා ආදායම් මාර්ග සඳහා ද යන සකළවිධ අභිමතාර්ථ සාධනයෙහි ධනාත්මක මෙන්ම ගුණාත්මකව ඉපැරණි පුරාණාචාර්ය මතානුකූල නිර්මාණය වූ අතිශය ප්‍රශස්ත දුර්ලභ ගණයෙහිලා පවතින ශ්‍රී කාලසම්පත්ති ජයමුහුර්තිය , ධනු රවි 03 භාග, දෙසැම්බර් 18 වෙනි බුධ දින පස්වරු 12.39 සිට 12.57 දක්වා පිංගල පක්ෂියාගේ (බකමුණූ) භෝජන ස්ථූල අවස්ථාවේ රජ ශුක්ෂම අවස්ථාව දකුණු දිශාව බලා විද්‍යමානව උදාව පවතින්නේ ය.

සිකුරු තත්කාල හෝරාවේ රවි, චන්ද්‍ර, කුජ පංචම කාල හෝරා මෙකී කාලපරාසය තුළ යමකාල ,පඤ්ම, පක්ෂි ක්‍රමවේදය මත නිර්මාණය කළ ඊසැර වෙඩිසැර බලැති අතිශය ප්‍රශස්ත ශුභ මුහුර්තියක් ලෙස පාඨකයිනට ප්‍රකාශ කළ හැක. බ්‍රහස්පති හිමි මීන රශිය, පුවපල්, නැකත , සතවක, භද්‍රා තිථිය, පී‍්‍රති යෝගය, පඤ්ච පක්ෂි සිද්ධාන්ත යනට ප්‍රමුඛතාවය ග්‍රහණය කොට ඇත.

අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල්, නැකත් හිමි ජම්ම ලාභිනට මෙන්ම බෙරණ, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස ,අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස, රේවතී යන නැකත්හිමියනට ද ඉ,ජ,න,ම,ස, ඒ, නාමාක්ෂර හිමියනටද සීහුම් බලැති අතිශය අසිරිමත් යමකාල ශුභවාදී වූ නක්ෂත්‍ර සම්ප්‍රදායෙකි. සාමකාමී සමජීවන සමඟි සමාදානයට මෙන්ම රාජරාජ මහාමාත්‍ය වශ්‍යකාරක ආනන්දනීය පැතිකඩකි.

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.