සාමය සාධාරණත්වය කැඳවන සුරගුරුගේ ජයසංඛනාදය

දෙසැම්බර් 13, 2019

ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරු දින රාත්‍රි 10.13 ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍ය , සාමය, සමාජගත , සාධාරණත්වය තුළින් සපිරුණ සුරගුරුවූ බ්‍රහස්පති නව වසරේ පළමුවන ග්‍රහ යුද්ධයෙන් විජයග්‍රහණය කරන්නේය.

සිංහ රාශි උදාවෙහි අඟහරු බාධක මෙන්ම 22 වෙනි මාරක දෙර්කාණාධිපතිය ලෙස යෙදී ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටහනෙහි 10 වැන්නා වූ කර්මස්ථානගතව අඟහරු ග්‍රහයා ද යම වශයෙන් හඳුන්වනු ලබන ප්ලූටෝ,රවි,කේතු ද මිත්‍රශීලිව බුධ, සෙනසුරු සමව , බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 11 වැන්නේ අය ස්ථානගතවද සම වූ නැප්චුන් ලග්නයේද ස්වක්ෂේත්‍රව චන්ද්‍රයා 02 ධන ස්ථානගතවද චක්‍ර යුරේනස් සමව 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලිව 05 වැන්නේද, සිකුරු, මිත්‍රශීලිව 12 වැන්නේද තැම්පත්වීම ආශ්චර්යමත් සිදුවීම් ගණනාකට සෞර ග්‍රහමණ්ඩලයේ සප්ත ග්‍රහයන් ප්‍රමුඛත්වය ගැනීමක් විද්‍යමාන වෙන්නේය.

අන්තර් ජාතික මෙන්ම ශ්‍රී ලාංකේය පෘථිවි තලයෙහි කෘත්‍රිම නිෂ්පාදන රටාවකට ප්‍රාණවත් මුවහත් කිරීමකට යොමුකරවමින් සක්‍රීය දැවැන්ත කඩිනම් කාර්මික , කෘෂිකාර්මික යෝධ සංවර්ධන ව්‍යාපෘතින් සඳහා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් වක්‍රාසම යුරේනස් වික්‍රමස්ථාන ගතවීමෙහි ලා විද්‍යමාන කෙරෙයි. ජීව ශක්තිය කෙරෙහි මෙන්ම සොබාදහමෙහි අනිෂ්ට ප්‍රතිවිපාකයන් ගණනාවකට පොදු මහා ජනතාවට සිදු වෙනුයේ සමවූ නැප්චූන් 07 වැන්නේ තැම්පත්වීම අනුව වෙයි.

ශ්‍රී ලංකා දිවයින මෙතෙක් දිගුකාලීනව පැවැති අවිද්‍යා ඝනදුරවූ ඌණ සංවර්ධිත බවෙන් මුදවාලීමේ දැඩි ප්‍රයත්නයක් 11 වැන්නේ තැම්පත් අසිරිමත් ග්‍රහචාරය දර්ශනය කෙරෙයි. සුබසාධන ප්‍රතිපාදන තුළින් දිළිඳුකම දුරුව තිරසාර සංවර්ධනයක් ඇතිවේ. කාර්යශීලි කාර්මික, කෘෂිකාර්මික සමස්ත ජනතාව සඳහා මනුෂ්‍ය වාසයට සුදුසු භූමි ප්‍රදේශයන් ලබාදී ඔවුන් දිරිමත් කරළීම ද ක්‍රියාත්මන වෙන පසුබිමෙක් බුධ – ගුරු යුද්ධයෙන් බ්‍රහස්පතිගේ විජයග්‍රහණය තුඩු දෙනු ඇත.

වායුගෝලයෙහි කැළඹිලි සමඟ දේශගුණික කාලගුණික විපර්යාස අභිරස් , කුමන්ත්‍රණ, රාජද්‍රෝහි සීමිත පිරිසකගේ සොර සතුරු උපද්‍රව සමඟ ජාති හිතෛෂි දේශපේ‍්‍රමීන්ගේ නැගී සිටීමක් උද්ගත විය හැකිය. සාමකාමී ජනප්‍රවාහයක් පහළවේවා චිරං ජයතු !

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.