ග්‍රහ ලොව සෙන්පති කුජ වෘශ්චික රාශියට

දෙසැම්බර් 20, 2019

වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.

රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.

වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග

2019 දෙසැම්බර් 25 බදාදා රාත්‍රී 09.22 ට සෙන්පති කුජ ස්වකීය ස්වක්ෂේත්‍ර රාශියක් වන වෘශ්චික රාශියට පිවිසෙයි. එම කුජ 2020 පෙබරවාරි 8 සෙනසුරාදා අලුයම 03.52 දක්වා විසා, අනුර, දෙට, ඇසුරු කරමින් වෘශ්චික රාශියේ ගමන් කරයි. මේ කාලය තුළ ඇතිවන සුබ අසුබ පල දෙකේ දීම මධ්‍යම පල ඇති කරයි. මනුෂ්‍ය ශරීරයේ නළල නාසය රහස් ස්ථාන ලේ හා මස් පිඬුවලට අධිපති වන කුජ දරුණු උෂ්ණ රෝග ලේ නහරගත පිපිරීම් හදිසි අනතුරු, ගබ්සාවීම්, වස විෂ වලින් වන පීඩා මුත්‍රා අඩස්සි, රක්තවාත වැනි රෝග කුජට අයත් වේ.

කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ දස වැන්නට කුජ පැමිණීම අනුව නිරවුල් මත අදහස් ඇතිවේ. ප්‍රබලයන්ට සිතට එකඟව කටයුතු කිරීමට හැකිවේ. සටන් කාමී අදහස් ද ඇතිවේ. පැරණි රහස් තොරතුරු මතුවේ. ආරක්ෂක අංශ දක්ෂ ලෙස අභිරහස් කටයුතු සොයා ගනී. කීර්ති නාමද ඇති කර ගනී. හදිසි අනතුරු පීඩා රටේ බහුලව ඇතිවේ. වැව් වැනි විශාල ජලාශවලදී අනතුරු පීඩා ඇතිවේ. රහස්‍ය කූට උපක්‍රමද මතුවේ.

දේශීය මෙන්ම විදේශීය වෙළඳ කටයුතු දියුණුවේ. ගුප්ත විද්‍යා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන අයට සහ රහස් පරීක්ෂකයන්ට වාසි සැලසේ. එම කටයුතු ව්‍යාප්ත වේ. උෂ්ණ රෝග දැවිලි රෝග වේදනා සහිත රෝග සමාජයේ පැතිරිය හැක. ආයුධ සහ වස විෂ වලින් අනතුරු සහ වාහන අනතුරු ද ඇති කරයි.

ඡ්‍යොතිෂවේදී-නිට්ටඹුවේ

සෝමපාල ව්ජේසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.