කෘෂිකාර්මික සංවර්ධනයට ත්‍රි පුෂ්කර යෝගබලයක්

දෙසැම්බර් 20, 2019

උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට පුරාණාචාර්යන් ජනහිතකාමීව සම්මත ඡ්‍යොතිෂ සම්ප්‍රදායන් අනුව කාර්මික කෘෂිකාර්මික සමස්ත ජනතාවට තිළිණකොට ඇති එකට තුනක ධනාත්මක මෙන්ම ගුණාත්මක ත්‍රි පුෂ්කර යෝග බලය අසිරිමත් ප්‍රතිඵල උදාකර ගැනීමෙහිලා දකුණුදිසාව බලා අතිශය ප්‍රශස්ත වෙන්නේ ය.

නිවාස, වෙළඳව්‍යාපාර, ආයතන සමාරම්භයට ආරම්භක හෝ අතරමඟ නතර වූ සියලුම ගොඩනැගිලිවල නැවත සමාරම්භයට ගොඩමඩ හේන් කුඹුරු, එළවළු කොටු, සත්ව ව්‍යාපාරයන් ආශි‍්‍රත කාර්යභාරයන් ස්මාරම්භයට යන්ත්‍ර, සූත්‍ර, යාන වාහන මිලට ගැනීම්, ගනු දෙනු කිරීම්, තරග විභාග සම්මුඛ පරීක්ෂණ සඳහා ද විජයග්‍රාහී ගමන් බිමන් ආගමික ජාතික සුබසාධන සේවාවනට නිර්ණාමික නාමික සොරසතුරු මර්දනය සඳහා ද ශුභා ශුභව ගුප්ත විද්‍යා කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ද පොත්පත් ලිපි ලේඛන, තෙල් බෙහෙත් කල්ක, චූර්ණ, අරිෂ්ඨ, ආසව ආශි‍්‍රත වූ සේවාවනට ද උඳුවප් මහේ විස්මිත නක්ෂත්‍ර මුහුර්තයෙකි.

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.