ගොවිතැනට නැකැත්

දෙසැම්බර් 27, 2019

අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල කෘෂිකර්මය ඉතා උතුම් රැකියාවක් ලෙස සලකා තිබෙන බව ලෝක ඉතිහාසයෙන් පෙනේ.

අප රටේ ඡ්‍යොතිෂය අනුව ඉතා සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු කරගෙන එන බව කිව හැකිය. ආදිකාලීන මිනිසා සෑම ගොවිතැන් වැඩක්ම වාගේම සුබ නැකතකට කළේය.

අතඞ පරං ප්‍රවාක්ෂ්‍යාම් – කෘෂිකර්මං සමාසතඞ

කෘÀවා ප්‍රවේශනං පූර්වං – කෘෂිං පශ්චාත් සමාරභෙන්

හෝරාභරණය නම් ලංකාවේදී සංස්කෘත භාෂාවෙන් ලියන ලද නක්ෂත්‍ර ග්‍රන්ථයේ සඳහන් ඉහත සඳහන් ශ්ලෝකයෙන් කියවෙන පරිදි ගොවිතැන සඳහා පළමුව භූමි ප්‍රවේශනය හෙවත් වැඩ ඇල්ලීම කළ යුතුය. සුබයි. නවවක තිථිය හැර අන් හැම ඔත්තේ තිථි මේ සඳහා ශුභය. ඉරට්ට තිථිවලින් දියවක හා දසවන තිථී උතුම් වේ. වෘශ්චික, වෘෂභ, කන්‍යා, යන ලග්න භූමි ප්‍රවේශයට ශුභය. අඟහරුවාදා දිනය බිම් ගැනීමට ප්‍රශස්ථය. ගුරු , බුධ දවස් දෙක මධ්‍යමයි. සඳුදා, ශුභ බවට මතයක් ඇත. රේවතී නැකත හා මුල නැකත පටන් නැකත් සතරක්,මුල,පුවසල. උතුරුසල, සුවන කුඹුරට වතුර බැඳීමට ශුභයි.

ත්‍රිපූව¢චිත්‍රාර්‍ක¡ මඝෙ න්ද්‍ර මූලා

පුෂානුරාධාදි තිවිෂ්ණු ජිවො

ත්‍රයොත්තරා සවාති විශාඛචන්ද්‍රෙ

ද ස්‍රාචලාඛ්‍යා කෘෂිකර්මපූජ්‍යඞ

ගොවිතැනට සුබ පජ්‍ය වූ නැකත් ඉහත සඳහන් සිලෝවෙන් කියවේ. පුවපල්, පුවපුටුප, උතුරු පුටුප, සිත, හත, මා, දෙට, මුල, රේවතී, අනුර,පුනාවස,සුවන,පුෂ, තුනතුරු, සාවිසා, මුවසිරස,අස්විද, දෙනට යන නැකත් විසි එක ගොවිතැන් කටයුතු සඳහා යහපත් වේ. හොඳ යයි පිළිගත් තිථී සී සෑමට සුදුසු වේ. සිකුරු, ඉරු, සඳු, බුධ,ගුරු යන දවස් සුබවේ. වෘෂභ, කටක, මකර, මීන, මිථුන යන ලග්න කෘෂි කටයුතුවලට සුබයි. තුලා, කන්‍යා, ධනු ලග්න මධ්‍යම ප්‍රතිඵල වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.