උපන් නැකත අනුව 2020 වසර

ජනවාරි 3, 2020

ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.

විශේෂයෙන් කර්ම සංඝාත, සාමුදායක ආධාන වෛනාශක ,ජාත දේශ, අභිෂේක යන සුබාසුබ තත්ව යටතේ මෙම නැකත් ප්‍රතිඵල සුබ හෝ අසුබ වෙනු ඇත. ඒ අනුව ලැබුවා වූ මෙම 2020 වසර ඔබේ උපන් නැකතට කෙසේ ප්‍රතිඵල ලබාදේවිදැයි විමසා බලන පලාඵල විග්‍රහය මෙසේය.

අස්විද

අස්විද නැකතින් උපන් ඔබගේ ග්‍රහ තත්ත්වය සැලකීමේදී වසර පුරාවට එතරම් අසුබ ඵල ඇති නොකරයි. අධ්‍යාපනයට සමබරදායකයි. කේතුට අයත් නැකතක් බැවින් වා, පිත් දෝෂ වැඩි කරන වසරකි. විශේෂයෙන් ඉනෙන් පහළ අසනීප තත්ව වැඩිකරයි. වසර මැදදී ශාස්ත්‍රීය කටයුතු කීපයකට එක්වනු ඇත. නිතර නිතර තමාගේ රෝගී තත්ත්වය අවම කර ගැනීමට පින් දහම් කටයුතු සිදු කරන්න.

බෙරණ

සිකුරුට අයත් බෙරණ නැකතින් උපන් ඔබට වසර මුල කාලය පී‍්‍රතිමත්ව ගතකිරීමට අවස්ථාව සැලසේ. යොදාගත් ආකාරයට නිවාස සැලසුම් කටයුතුවල යෙදීමටත් අවසන් කර ගැනීමටත් හැකියාව ලැබෙන වසරකි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වන ඇත. වසර අවසානය නිරෝගී සුවය ගෙන දෙන කරුණු කාරණා යෙදෙනු ඇත. දරුවන්ගේ දියුණුව දැක සතුටුවීමට අවස්ථාව සැලසෙන වසරකි.

කැති

රවිට අයත් කැති නැකතින් උපන් ඔබට 2020 වසර තරමක උෂ්ණාධික රෝගපීඩා ඇතිකරයි. නිතර නිතර රවි පීඩාවීම හේතු කොටගෙන ඇස්වල, උදරය ආශි‍්‍රතව පීඩා ගෙන දෙනු ඇත. වසර මැද කාලය ගෘහ ජීවිතයේ විවිධ ගැටලු පැන නගී. වැඩිහිටි පාර්ශ්වයෙන් වඩාත් උපදෙස් ලබාගැනීමට යහපත් ප්‍රතිඵල ඇති කරයි.

රෙහෙන

රෙහෙන නැකතින් උපන් ඔබට මෙම වසර සුබඵල ගෙනදෙනු ඇත. වරින් වර යොදාගනු ලබන දුර ගමන් කීපයක් නිසා සිතට, ගතට පීඩා ඇතිකරන නමුත් පී‍්‍රතිය ගෙනදෙයි. දරුවන්, ලැබීමට සිටිනා අය ආහාරපාන පිළිබඳව වැඩි අවධානය යොමුකරන්න. සෙම අධික වීම හේතුවෙන් දරුවන් හට පීඩා ගෙන දෙයි. ගැටලු විසඳා ගැනීමේදී කෝපයට පත් නොවී තීරණ ගැනීමට උනන්දු වන්න.

මුවසිරස

අඟහරුට අයත් නැකතක් වීම නිසා බාධක ජයගෙන ඉදිරියට යාමට ශක්තිය ලැබෙයි. වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනා අනුව කටයුතු කිරීම තමාට යහපත් වෙයි. විශේෂයෙන් කාර්මික කටයුතු සම්බන්ධව විශේෂ දියුණුවක් බලාපොරොත්තු විය හැකි වසරකි. මහන්සි වී කරන කටයුතු වලින් සහනය ලැබිය හැකියි.

අද

රාහුට අයත් අද නැකතේ අසුබ ග්‍රහයන් ගමන් ගන්නා කාලයක් බව පෙනේ. තමාගේ එදිනෙදා කටයුතු සම්බන්ධ විවිධ ගැටලු බාධාකාරි තත්ත්වයක් උද්ගත වන කාලයකි. නිවසේ වෙනස්කම් කීපයක් සිදුකිරීමට සිතා සිටියත් ආර්ථික ගැටලු නිසා මඟහැරේ. දරුවන්ගේ අකීකරු ගතිගුණ වැඩිවන කාලයකි. රේස් ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවන්ට එක්වීමෙන් මුදල් නාස්තියක් සිදුවේ.

පුනාවස

පුනාවස නැකතින් උපන් ඔබේ ග්‍රහතත්ත්ව අනුව යහපත් ප්‍රතිඵල ගෙනදෙන වසරකි. යොදාගත් කටයුතු කීපයක්ම නිමාකරගැනීමට හැකියාව ලැබෙන වසරකි. වසර මැද දී පදිංචි ස්ථානයේ දියුණුවක් ඇතිකරන කටයුතු යෙදේ. අධ්‍යාපන කටයුතුවල දියුණුවක් ඇති කරයි. පවුලේ කටයුතු සාර්ථක වේ.

පුෂ

පුෂ නැකතේ උපන් ඔබට යහපත් ගතිගුණ හිමිකර දෙන වසරකි. නිතර අනුන් හා සාමයෙන්, සමඟියෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙයි. නිතර නිතර ආගමික කටයුතුවල නිරත වීමට වැඩි කැමැත්තක් දක්වයි. උසස් අංශයේ රැකියා ලාබ ගෙන දෙන වසරකි. වසර අවසානය හිතවත් ඥාතියෙකුගේ වෙනස්වීමක් පෙන්නුම් කරයි.

අස්ලිස

බුධට අයත් වු ඔබගේ නැකත බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් ජයගෙන දෙයි. විශේෂයෙන් මෙම වසරේ පෙනී සිටින විභාගවලින් ජය ගෙන දෙනු ඇත. යහපත් හිතමිතුරන් සමඟ ඇසුරට එක් වෙයි. ලොකු කුඩා කා අතරත් සමඟිව කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. තමාගේ රූපය පිළිබඳ නිතර වෙහෙසෙයි.

අධ්‍යාපන ආයතන සම්බන්ධ රැකියා කරන අයට උසස් ප්‍රතිඵල ලඟා කර ගැනීමට පුලුවන.

මා

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.