සූර්ය දිව්‍යරාජයාගේ මකර සංක්‍රාන්තිය නවෝදයක රන්දොරටුව විවරකරයි

ජනවාරි 10, 2020

මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි‍්‍රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට ශුභ කර්තරී, පාප කර්තරී, වෙශී වොශී, උභයචාරී, අමල වාසුමතී, බුධ ආධිත්‍යය. සත්කලත්‍ර ප්‍රබල යෝගබලයෙන් සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ ය.

රවි උත්තරායනයට පාත්‍රවන සන්ධිස්ථානය මෙන්ම තුලාව උදා රාශියෙන් සිව්වැන්නේ රවි මකර සංක්‍රමණය හින්දු සංස්කෘතියෙහි කෘතවේදී තෛපොංගල් නම් ජාතික ආගමික ද්‍රවිඩ ජනතාවට ජන සම්මතවාදීව විචිත්‍ර සැණකෙළියක මංගල්‍යමය වූ උදාරතර පැතිකඩක පසුබිමකින් ද නිර්මාණය වී පැවතීම මෙකී අසිරිමත් ග්‍රහ රටාවෙන් මුවහත්ව ප්‍රාණවත් වී මෙහි ලා වාර්ගික සාමගි සාමගි‍්‍රය ස්වර්ණමය වුද දුරුතුමහේ විචිත්‍රවූද උත්කෘෂ්ඨ පෞඪ අභිමානනීය සර්වෝදර සර්වාගමික යුග කාලීන වැදගත් වූවෙකි. මෙම සූර්යය දිව්‍ය රාජයාගේ මකර සංක්‍රමණ මොහොතෙහි සුවිශේෂී පැතිකඩ රැසකි. මේෂ, කටක, තුලා, මකර, රවි සංක්‍රාන්ති ගමන්මග ලෝකායතන ඡ්‍යොතිර්විද්‍යාවේ භෞතික අධි භෞතිකව විස්මිත බවට පාත්‍ර වූවෙකි. මෙපමණක් නොව පෙබරවාරි 13 ගුරු දින පස්වරු 03.03 දක්වා උතුරුසල සුවණ, දෙනට, පාද නවයක් ගත කරමින් රවි, චන්ද්‍ර, අඟහරු සමඟ වර්ගෝත්තම බලයකින් මකර රාශි කාල පරාසය ගත කරනු ලබන්නේ ය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.