2020 වසරේ පළමු ඡායා චන්ද්‍ර ග්‍රහණය ජනවාරි 11 වෙනිදා

ජනවාරි 10, 2020

ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020 ජනවාරි 10 වැනි සිකුරාදා පුර්ව භාග 2.54 පුර පසොළොස්වක ලබා 2020 ජනවාරි 11 වන සෙනසුරාදා පූ.භා. 12.50 ට ගෙවේ. මෙහි සඳු සමඟ රාහු යෙදීම කාන්තාවන්ට අහිතකර කාලයකි. ගර්භණී මාතාවන්ට අපලයි. ප්‍රවේශම් විය යුතු යි. රාහු හා චන්ද්‍රයා මිත්‍රව මිථුන රැස යෙදී ඇත. කුජ ස්වකේෂ්ත්‍රව හය වැන්න තම නිවස වන වෘශ්චිකයේ ගමන් අරඹා ඇත. වාහන අනතුරු ඇතිවේ. ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් අනතුරු සංඛ්‍යාව වැඩිවේ. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමි අය ඉතා ප්‍රවේශමෙන් ඉවසීමෙන් කල්ගෙවිය යුතු ය. හත්වැන්නේ ගුරු ස්වක්ෂේත්‍රයි. ආගමික සිද්ධස්ථාන දියුණුවට පත්වේ. දුශ්ශීල හිමිවරු ශාසනයේ රැඳී නොසිට සිවුරු හැර යයි. පිරිවෙන් අධ්‍යාපනයේ දියුණුවක් දක්නට ලැබෙන අතර ආගමික කටයුතුවල දියුණුව ඇති වේ.

මහජනතාවට රජයෙන් සහන රැසක් හිමිවේ. සිකුරු ග්‍රහයා කුම්භ රාශි ගතව යෙදීමෙන් කලා කටයුතුවල දියුණුවක් දක්නට ලැබේ. ටෙලිනාට්‍ය, චිත්‍රපටි, වේදිකා නාට්‍යවලින් නව පරපුරක් බිහිවේ. කලා කටයුතු දියුණුවට රජයෙන් ආධාර උපකාර ලැබේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.