සිකුරුගේ විජයග්‍රහණයෙන් විශ්වය පුරාවට පරිවර්තනයක්

ජනවාරි 17, 2020

මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි සිකුරු ග්‍රහයා නැප්චූන් සමඟ යුද වැදී සිකුරු විජයග්‍රහණය සිද්ධ කරන්නේ ය.

පෘථිවියෙහි ජීවශක්තිය විකෘතිකර ස්වභාවයකට පාත්‍ර කෙරෙන නෙප්චූන් පරජිතව කාමාවචර හැඟීම් ක්‍රියාකාරකම් උද්දීපනය කෙරෙන මනලෝලී ඉරබටුතරුව හෙවත් සිකුරු ග්‍රහයා විජයග්‍රාහී අවස්ථාවේ දී නැගෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි වෘශ්චික රාශි උදාව පවතින්නේ ය. ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටහනට සමගාමී ග්‍රහ විමර්ශනය විශ්වය පුරාවට පාත්‍රවෙන පැතිකඩ සුවිශේෂී පරිවර්තනයක සමාරම්භයයි. නැප්චූන්, චන්ද්‍රයා සමවද සිකුරු මිත්‍රශීලීවද කුම්භ රාශිගතවද වක්‍ර යුරේනස් සමව 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලීව පස් වැන්නේ ද කුජ දහවැන්න වූ කර්මස්ථානගතව ස්වක්ෂේත්‍රවද කේතු ප්ලුටෝ මිත්‍රශීලීවද බුධ සමවද මුල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව බ්‍රහස්පති අයස්ථානය වූ 11 වැන්නේ ද රවි සතුරුව බුධ සමව සෙනසුරු ස්වක්ෂේත්‍රව වැය ස්ථානය වූ 12 වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලයෙහි විද්‍යාමාන වෙන්නේ ය.

සක්වළ සත්ව ප්‍රජාවගේ අවිද්‍යා ගනදුර වර්ධනවේගය තීවෘර කෙරෙන ඉරබටුතරුව වූ සිකුරු විජයග්‍රහණය තුළින් සබඳතා විවාහ මංගල්‍යය සහ බාධක ප්‍රමාදව ආවාහ විවාහ කාර්යයන් ද ආශි‍්‍රතව දික්කසාද නඩු, පවුල් ඒකකයන්හි භේද භින්නකම් සමගි සාමගි‍්‍රය වෙයි. වනිතා සමාජයට සුවිශේෂි සුබ සාධක කටයුතු රැසක් ක්‍රියාත්මක කෙරෙයි. මහා මැතිවරණ කාහල නාදය හදිසි ආපදා විපත්ති නීති විරෝධී රාජදෝහි කැරලි කෝලාහල අභිරහස් කුමන්ත්‍රණ, වර්ජන, කැපිලි, කෙටිලි, කුඩුකේඩුකම්, නැප්චූන්ගේ පරාජිත හෝමෝන අධ්‍යයනය මත මිනිසා පැවැත්මක් නොමැති බැවින් වරින්වර උද්ගතවීමද දර්ශනය වෙන්නෙකි.

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.