රාජකීයන් බිහිකරන ග්‍රහ යෝග

ජනවාරි 24, 2020

නීච යයි හීන යයි සම්මත කුලයක හෝ දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් සමහර ජන්මීන් ගම් ප්‍රධානීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ,මැති ඇමතිවරුන්, මහා ධන කුවේරයන් වැනි රාජ පූජිත පුද්ගලයන් බවට පත්වී සිටින බව අපට දැකගත හැකිව ඇත.

මෙයට හේතුවන්නේ පූර්ව ජන්ම බලයෙන් මේ ආත්මයේදී ලබා ඇති කේන්දරයේ 2,4,9,10,11 යන රාශිවල අධිපති ග්‍රහයන් බලවත්ව පිහිටීමයි.

කෙනෙකුගේ උපතේදී දසවැන්න අධිපතියා නවවැන්නෙහිද නවවැන්න අධිපතියා දෙවැන්නෙහිද සිටියදී එකොළොස්වැන්න අධිපති උච්චව හෝ ස්වක්ෂේත්‍රවද නවවැන්න අධිපති 2,4,5,9,10,7 ලග්නය යන ස්ථානයක සිටියොත් ඔවුන්ගේ නිවසේ ශ්‍රී දේවිය වාසය කරන බවත් ඔවුන් නීච කුලයක උපන්නත් රාජකීය තත්වයට පත්වන බව පෙර ඍෂිවරුන් ප්‍රකාශ කර ඇත.

ජන්මියෙකුගේ උපතේදී ග්‍රහයන් පස්දෙනෙක් තම තමන්ට අයත් උච්ච ක්ෂේත්‍රවල සිටියොත් එම තැනැත්තා රජ කුලයක උපන්නේ නම් චක්‍රවර්ති රජෙක් වන බවද ග්‍රහයන් තිදෙනෙක් තම උච්ච ක්ෂේත්‍රවල සිටියේ නම් රජ දරුවෙක් නම් රජ වන බවත් වෙනත් අවශේෂ කුලයක උපන්නේ නම් ඇමතිවරයකු වන බවත් පහත් සම්මත කුලයක උපන්නේ නම් එම කුලවල අධිපති වන බවත් ඡ්‍යොතිෂයේ සඳහන් වී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.