මානව හිතවාදී වැඩකරන ජනතාවට අසිරිමත් ත්‍රිපුෂ්කර යෝග බලයක්

පෙබරවාරි 7, 2020

උත්තරායනය, ශිශිර ඍතුවේ කුම්භ රවි 03 භාග නවම්මසේ අව දියවක තිථිය ලත් පෙබරවාරි 15 ශනි දින ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ‘ශුභ’ නම් වූ යෝගය ලංකා ග්‍රහස්ඵුට ගණිත කාලය රාහු කාලය මඟහැරීම චන්ද්‍ර +ශනි - රවි+චන්ද්‍ර -චන්ද්‍ර+බුධ ත්‍රිකෝණ දෘෂ්ඨියෙන් සෞරග්‍රහ මණ්ඩලයෙහි ශක්ති තරංග ග්‍රහණය වෙමින් පෙරවරු 06.32 - 06.56 - 08.32 -01.32- 01.44 -02.08-03.32-04.08 පෙරවරු පස්වරු ලෙසට විහිදී යන එකට තුනක අධිවේගී මුහුර්ත බලය යෙදී අසිරිමත් ත්‍රිපුෂ්කර යෝග බලය දකුණු දිශාව බලා මානව හිතවාදී කෘෂිකාර්මික, කාර්මික සමස්ත ජනතාවට විද්‍යමාන කෙරෙන්නේය.

පුරාණාචාර්ය උපදේශනයට සම්ප්‍රදායානුකූලව ගුණාත්මක මෙන්ම ධනාත්මක තෙදැති බලැති කෝටියක් දෝෂ භංග වෙමින් කුජ,ශනි. රවි යන හෝරාවනට ප්‍රධානත්වය දී නිර්මාණය කෙරුණ බුද්ධිගෝචර ප්‍රශස්ත ශුභ මුහුර්ත පොකුරු දෛනික දිවිමඟෙහි විජයග්‍රහණයෙහිලා විචිත්‍රවත් වූවෙකි.

පුෂ්කර නාමයෙන් නෙළුම්මලද පෙති රැසකින් අනූනවෙන බැවින් පොකුරු යන නාමයෙන්ද හැඳින්වෙයි. සිද්ධි පෙළක් නොමැතිව පොකුරක් ලෙසට සිද්ද වෙන්නාවූ යෝග බලයක් ලෙස සඳහන් කළ හැක. තිරසාර දියුණුව, ධනය, බලය මුසුවෙමින් ඉෂ්ඨාර්ථ සිද්ධිය ග්‍රහණය වෙන එකට තුනක අධිබලයකින් , විජයග්‍රහණයට අසිරිමත් ත්‍රිපුෂ්කර යෝග බලය වෙන්නේය. වැඩකරණ ජනතාවගේ කාර්යශීලිත්වයට හෝ සිතැඟියාවන් මල්ඵල ගැන්වීමේ ශක්තිය කෙරෙහි භෞතික අධිභෞතික අතිශූක්ෂම අවහිර දුෂ්කරතා මර්දනය කෙරෙමින් නව ගමන් මගක් සඳහා ආශිර්වාද සෙත්ශාන්ති පිණිස යොමුවීමට කාරුණිකවීම යුගකාලීනව ප්‍රශස්ත වෙන්නෙකි.

වෙළඳ ව්‍යාපාර ආයතන , ගොඩමඩ ඉඩකඩම්හි කාර්යයන් සමාරම්භය සම්මුඛ පරීක්ණ රැකියා ආදායම් මාර්ග , ගමන් බිමන් ,පොත්පත් ලිපිලේඛණ, සුබ සාධන, සමාජසේවා , මහා තෙයියෝරු , යක්ෂ භූත, සරස්වතී, රංතැඹිලි, ආදි තෙල් වර්ග සිඳ ගැනීමට සහ ජීවම්කිරීමට ආදී කුදුමහත් සකලවිධ ශුභ කාර්යයන් සඳහා මෙකී යෝගබලැති කාල පරාශයන් අතිශය ප්‍රශස්ත වෙන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.