සිකුරු යුරේනස් මහා සංග්‍රාමයෙන් සිකුරු සිංහාසන ගතවෙයි

පෙබරවාරි 21, 2020

කුම්භ රාශිය වෘෂභ නවාංශකය, පුවපුටුප දෙක පාදය චන්ද්‍ර බුධ සප්තම

දෘෂ්ටිය, චන්ද්‍ර ගුරු, චන්ද්‍ර කුජ, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, ශ්‍රී විෂ්ණු පි‍්‍රයංබිකා බ්‍රාහ්මණ වංශික රසකාමි සිකුරු ග්‍රහයා ඉන්ද්‍ර හෙවත් යුරේනස් අතර විශ්මිත සටනෙන් කුම්භ රවි 26 භාග මැදින් මහේ පුර තුදුස්වක තිථිය නැගෙනහිර ක්ෂිතිජයෙහි ධනු රාශි උදාවෙන් මාර්තු 09 සඳුදින අලුයම 01.09 ට විශිෂ්ට විජයග්‍රහණයක් වීනස් දෙව්දුව රසලෝලි සිකුරු ග්‍රහයා උදාකරගත්තේ ය.

 

ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශියට සමගාමී ග්‍රහ සටහන මෙසේ ය. වක්‍ර බුධ සමවද රවි සතුරුවද නැප්චූන් සමවද, කුම්භ රාශි ලග්න ගතවද සිකුරු යුරේනස් සමව 03 වැන්න වූ වික්‍රමස්ථානගතවද රාහු මිත්‍රශීලීව 05 වැන්නේ ද චන්ද්‍රයා මිත්‍රශීලීව 07 වැන්නේද ප්ලුටෝ, කුජ, කේතු මිත්‍රශීලීවද මුල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බ්‍රහස්පති ද අයස්ථානය වූ 11 වැන්නේ ද සෙනසුරු ස්වක්ෂේත්‍රව 12 වැන්නේ ද තැන්පත් ව ඇත. අර්ධ කාල සර්පයෝග බලය සෙනසුරු ලග්න ඒරාෂ්්ඨක මාරක බලය තුළින්ද නිවෘත කෙරෙන ග්‍රහචාරයක් විද්‍යාමාන කෙරෙණු ලබයි.

ඉන්ද්‍ර හෙවත් යුරේනස් 1781 මාර්තු 13 වෙනි දින රාත්‍රිය දුරදක්නා අලෙවිකරුවකු වූ විලියම් හර්ෂල් අහස නරඹමින් සිටි මොහොතෙහි සොයා ගන්නා ලද වැදගත් ග්‍රහ තාරකාවෙකි. සූර්යයා කෙරෙන් සැතපුම් දශ ලක්ෂ 1781 පමණ දුරස්ථව සිටි පරිභ්‍රමණය වෙන යුරේනස් ගෝලයේ විෂ්කම්භය සැතපුම් 31570 කි. එක් පරිභ්‍රමණ වටයක් රවුමක් සඳහා පෘථිවිය වර්ෂ 84 ට ආශි‍්‍රත කාල පරාසයක් යුරේනස් ග්‍රහයාට ගතවෙනු ලැබෙයි.

අක්ෂය වටා භ්‍රමණය වීමෙහිලා පෘථිවි මිණුම් දණ්ඩෙන් පැය 107 කි. යුරේනස්ගේ අක්ෂයට අදාළ තලය යුරේනස් පරිභ්‍රමණ කක්ෂතලය අංශක 98 ක ඇලයක් සහිතව පවතිනු ලබයි. යමක තීක්ෂණ ස්වරූපය මණින සරල මිණුම් දණ්ඩ යුරේනස් ග්‍රහයාගේ ස්වරූපයෙන් නිරීක්ෂණය වෙයි.

07 පිටුවට....

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.