සෞභාග්‍යමත් කාලයක් උදාකරමින් රවි මීන රැසට

පෙබරවාරි 28, 2020

ශකවර්ෂ 1941 වසරේ අවසාන රවිය මීන රවියයි. 2020 මාර්තු මස 14 වෙනි රවි දින පැය 14 විනාඩි 17 න් රවි මීන රැසට පිවිසේ. මෙතැන් සිට අපේ‍්‍රල් මස 13 වෙනි දින රාත්‍රී වනතුරු රවි මීනයේ හැසිරෙනු ඇත.

‘පුවපුටුපෙක් , තුරුපුටුපා, රේවතී, “මීන රැස” කීවා සේ ගුරු හිමි පුවපුටුප නැකතේ 4 වන පාදයත් ශනි හිමි උත්‍රපුටුප නැකත හා බුධ හිමි රේවතී නැකත සම්පූර්ණ වන පාද අටත් යන නැකත් පාද නවය තුළ මීන රැස සම්පූර්ණ වේ. මසක පමණ කාලයක් මීන රැසෙහි හැසිරෙන රවි මීනයට පැමිණෙන තත්කාල වේලාවට කිවි හිමි වෘෂභ ලග්නයත්, බුධ හිමි කන්‍යා නවාංශකයත් උදාව පවතී. තත්කාල ලග්නගතව සිකුරු සිටීම මාලවී රාජයෝග බලය ලබා දෙන අතර රාහු දෙවැන්න වූ මිථුනයේ උච්ච බලය ලබා ගනී. සඳු සත්වැන්නේ නීචව සිටින අතරම අටවැන්නේ කුජ, කේතු, සමඟ ගුරු ග්‍රහයා අට අධිපතිව විපරීත යෝග බලය ලබා ඇත. ශනි 9-10 අධිපතිව ධර්මකර්මාධිපති රාජයෝග බල සහිතව 9 වැන්න වූ ධර්මස්ථානගතව සිටී.

බුධ 10 වැන්නේ නෙප්චූන් සමඟය. 11 වැන්නේ රවි සියලු දොස් නසමින් සිටී. යුරේනස් 12 වැන්නේය. මෙම ග්‍රහ තත්වයන් සැලකිල්ලට ගත්කල සෞභාග්‍යමත් තත්වයකට රටත් රටෙහි ජනතාවත් පත් කෙරෙන බව පෙන්වා දිය හැක. ජනතාවට සහන සැලසෙන කාලයක් වේ. ඉහළ යමින් පැවැති භාණ්ඩ මිල පහළට වැටේ. විදේශ රාජ්‍යයන් හා ක්‍රියා කිරීමේදි මධ්‍යස්ථ මත දැරීමටත්, සුහදතාවය ඇති කරමින් අන්‍යොන්‍ය සහ සම්බන්ධතා ආරක්ෂාකර ගැනීමටත් පාලකයින්ගේ අවධානය යොමුවේ. ගිනි විපත් බහුල වීමට ඉඩ ඇති බැවින් ඒ හා සම්බන්ධව ක්‍රියාකරන පාර්ශ්වයන් පරිස්සම් විය යුතු බවද සිහිපත් කරවනු කැමැත්තෙමි. අධිකරණ හා නීති ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට රාජකාරි කටයුතු බහුල වේ. ආරක්ෂක අංශයන්හි සේවාවන් සඳහා නව නීති සැකසේ. විරුද්ධ පාර්ශ්වයන්හි පැවැති මතවාද දික් ගැස්සේ. කම්කරු ක්ෂේත්‍රයට හා ආර්ථික තත්වයෙන් පහළට පැමිණි අය වලුන් සඳහා ඔවුන්ගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමට නව නීති සැකස්. කාලගුණික තත්වය යහපත් අතට හැරේ.

 

ඡ්‍යොතිෂවේදී-වැලිගම

කේ.එච්. ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.