සිකුරු වෘෂභ රාශි ගතවෙයි ලග්න දොළහටම සුබ යෝග

මාර්තු 6, 2020

මේෂ මිථුන, කටක, තුලා, ධනු, මීන ලග්නවලට විෂ්ණු යෝගය.

වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හයට මාලවි යෝගය.

2020 මාර්තු 28 සෙනසුරාදා සවස 03.40 ට ස්වකීය ස්වක්ෂේත්‍ර රාශියක් වන වෘෂභ රාශියට පිවිසෙන සිකුරු 2020 අගෝස්තු මස 01 අලුයම 05.11 දක්වා වෘෂභ රාශියේ ගමන් කරයි. කැති, රෙහෙණ, මුවසිරස, නැකැත් ඇසුරු කරයි. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ හතර වැන්නේ සිකුරු දිග්බලයෙන් ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව ගමන් කරන අතර චන්ද්‍රයාද උච්ච බලයෙන් සහ දිග් බලයෙන් යුතුව ගමන් කරයි. මෙම පිහිටීම ග්‍රහ ගමන කලාතුරකින් ඇතිවන සුබදායක තත්ත්වයකි. වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට මාලවි යෝගය උදාවේ. මේ කාලය තුළ උපදින දරුවන්ගේ ජන්ම පත්‍රවල මෙම යෝගය පිහිටයි. ප්‍රසන්න පෙනුම රූප ස්වභාවය ඇතිවන අතර කලාකාමිත්වය, විනෝදය සමාජශීලී බව ඇති කරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.