සුබ ග්‍රහ සංයෝග වලින් ජීවිතය සරසන සඳු

ජුනි 12, 2020

ලෝකයේ සියලු දෙනාගේ ජනාදරයට පත්ව ඇති සඳු පෘථීවියේ උප ග්‍රහයෙකි. අහස්කුස විශාලව නිතර දක්නට ලැබෙන සඳු හා හිරු ඈත අතීතයේ පටන්ම මිනිස් සංහතියේ ගෞරවාදරයට පත්විණි. එබැවින් සඳු හිරු ග්‍රහ ලෝක අතරින් මව පියා ලෙස සලකන්නට විය.

සඳු ජීවයේ පැවැත්මට මෙන්ම ලෝකයේ පැවැත්මටද ඉමහත් සේවයක් ඉටු කරයි. පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුව පෘථිවිය වටා පරිභ්‍රමණය වන සඳුගේ භ්‍රමණ හා පරිභ්‍රමණ වේගය පෘථීවි දින 27 පැය 07 මිනිත්තු 45 කි. එබැවින් සඳුගේ එක් අර්ධයක් හිරු දෙසටද අනෙක් අර්ධය පෘථිවිය දෙසටද හැරී පවතී. කල්පිත ග්‍රහයන් වූ රාහු කේතු නිර්මාණය වන්නේ සඳුගේ මෙම ගමන හේතු කොට ගෙනය. කිලෝ මීටර් 3450 ක පමණ විශ්කම්බයකින් යුතු වූ සඳු පෘථිවියට කිලෝමීටර් 356550 ක් ලංව හා 407050 ඈත් වූ කක්ෂයක් වටා ඉලිප්සාකාරව ගමන් කරන්නේ දල වශයෙන් දිනකට අංශක 13 ක පමණ දුරක් ගෙවා දමමිනි.

කටක රාශිය ස්ව ක්ෂේත්‍රය කොටගත් සඳු වෘෂභ රාශියේදී උච්ච වේ. මෙහි මුල් අංශක 3 උච්ච වන අතර ඉතිරි අංශක 27 මූල ත්‍රිකෝණ වේ. එහි අංශක 3 දී අති උච්ච වන සඳු, වෘශ්චික රාශියේදී නීච වේ. මිථුන, සිංහ, කන්‍යා, රාශිවලට මිත්‍ර වන සඳු අන් රාශිවලට සමවද රෙහෙණ හත සුවණ නැකත් වලට අධිපතිද වන්නේය. රවි, බුධ සඳුගේ අති මිත්‍ර ග්‍රහයින් වන අතර ගුරු, සිකුරු, ශනි කේතු මිත්‍ර ග්‍රහයින් වේ. කුජ රාහු සම යෝ ය. සඳුට සතුරු ග්‍රහයින් නැත. එබැවින් සඳු ග්‍රහ ලොවේ රැජින ලෙස සලකයි.

බඳපටිය ආයුධය කොටගත් සුදු ඇතා පිට නැගි යද්‍රනායක අවතාරයට, ජල දේවතාවාට සතට අධිපති, ආපෝ භූත සත්ව ගුණ ඇති ධාතු මූලයට අයත් දිවුල් වෘක්ෂය ලුණුූ රසයට කාරක වූ වෛශ්‍ය වාංශික ජලස්ථානවල ලැඟුම් ගන්නා සඳු, සෞම්‍ය ගති ඇති පුර පක්ෂයේ හා රාත්‍රී බල ග්‍රහයෙකි. උතුරු දිසාවට 04 වෙනි බාවයට වසන්ත ඍතුවට සුදු පැහැයට දුහුල් රෙදි වලට මව්ට බලවත් වූ සඳු ස්ත්‍රී ග්‍රහයෙකි.

නිසානාථ තාරනාථ තාරාධිපති,නිශෘකර ශිසිරකිරණ සසදර තිරිදු බමති. ඕසදිස ශෂී සිහිල්රස් විධූ අබීජ නිසපති මෘගාතක සෝම මති වැනි පර්යාය නාම වලින් හඳුන්වයි.

සඳුගෙන් උපතකින් මෘදු සිතක් ඇති ප්‍රභාමත් රවුම් මුහුණක් හිමි මනා රූප සෝබාවෙන් යුත් කාරුණික හදවතක් ඇති සෞම්‍ය ගතියෙන් යුත් කා අතරත් සුහදශීලිතාවයෙන් කටයුතු කරන නිතර ඇත්ත කථා කරන්නා වු හිතේ ඇති අදහස්

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.