ඥානකාරක බුධ කටක රාශි ප්‍රවේශයෙන් ජන ජීවිත කැළඹෙයි ද?

ජූලි 10, 2020

චන්ද්‍ර -කුජ, කුජ – ගුරු , චතුර් කෝණ දෘෂ්ටිය ගුරු චන්ද්‍ර සංයෝගය, රවි – බුධ ආදිත්‍ය යෝගය, අඟහරු පාප කර්තරී වීම, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පාදය පෙරදැඩිව දක්ෂිණායන වර්ෂා ඍතුවෙහි කටක රවි 18 භාග නිකිණි මහේ පුර තුදුස්වක තිථිය ලත් අගෝස්තු 02 රිවිදින අලුයම 03.32 චන්ද්‍රයා හිමි කටක රාශියට සම්ප්‍රාප්තිය සිදු වන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි මිථුන රාශි උදාවෙහි මිත්‍රශීලි රාහු සම වූ සිකුරු සමඟ ලග්නගතව ද රවි මිත්‍රශීලිව, බුධ සතුරුව දෙවැන්න වූ ධනස්ථානගතවද, බ්‍රහස්පති වක්‍රව ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණවද, කේතු – ප්ලූටෝ මිත්‍රශීලිවද චන්ද්‍රයා සමව හත්වැන්නේ ද , සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්‍රව මෘත්‍යු ස්ථානය වූ අටවැන්නේ ද, වක්‍ර නැප්චූන් සමව නවවැන්න වූ භාග්‍යස්ථාන ගතවද, අඟහරු මිත්‍රශීලිව දහවැන්න වූ කර්මස්ථාන ගත ව ද, යුරේනස් සමව එකොළොස්වැන්න වූ අයස්ථාන ගතවද, යෙදී ඇත.

ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි සටහනේ 05,06, 07,08,09,11 ,12 යන ස්ථානද, උදා රාශි සටහන ද ලෝකායතන ඡ්‍යොතිෂ විද්‍යානුකූල විමර්ශනයට තුඩු දෙමින් දෙස් විදෙස් රාජ්‍ය යාන්ත්‍රිකයනට මෙන්ම සමස්ත ලෝක වාසී ප්‍රජාවගේ සුබසිද්ධිය උදෙසා වත්මන් නිරීක්ෂණයකට ලක්කොට ඇත. අගෝස්තු 02දා රිවිදින අලුයම 03.32 සිට අගෝස්තු 17 සඳු දින පෙරවරු 08.30 දක්වා දින 14 කාලසීමාවක විශ්ව කාරක මන්දාකිණියෙහි විපරීත විකෘතිකර ස්වභාවය ගවේෂණයක නිරතවීම ප්‍රශස්ත වන්නකි. රවි – බුධ ආදිත්‍ය යෝගබලය දහවැන්නේ අඟහරුගේ දෘෂ්ටියට මෙන්ම අටවැන්න වූ මෘත්‍යු ස්ථානගත වක්‍ර සෙනසුරුගේ ද ග්‍රහණියට තුඩු දී ඇත. අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටක බලපෑමද ග්‍රහ කුණ්ඩලියෙහි විපරීත ස්වභාවයක් ජනජීවිත වලට හිතකර බවක් දෘෂ්‍යමාන නොවේ.

ජනසන්නිවේදන මාධ්‍ය ආශි‍්‍රතව ගිනිගැනීම්, ගිනි තැබීම් ද සහ කැරළි ගැසීම්, උද්ඝෝෂණ, හදිසි මාරක මාරාන්තික විපත්,කඩාකප්පල් කිරීම් අභිරහස් කුමන්ත්‍රණ මංකොල්ලකෑම්, රාජ්‍ය ද්‍රෝහී ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන්, වංචා දූෂණ, නිර්මාණය වී යාම් පෙරළිකාර පසුබිමක් දර්ශනය විය හැකිය.

තැපැල් විදුලි සංදේශ සහ , අධිකරණ අධ්‍යාපන සෞඛ්‍ය, ගමනාගමනය ආශි‍්‍රතවද විශ්ව විද්‍යාල හා පාසල් ආශි‍්‍රත සිසු දරු දැරියන්ද, වැඩිහිටියන්ද බුද්ධිමත්ව, දූරදර්ශිව ක්‍රියාකාරි විය යුතු කාල පරාසයකි.

මත්කුඩු ව්‍යාපාර, මංකොල්ලකෑම් කප්පම්ගැනීම් බහුලවිය හැකි බවක්ද පෙන්නුම් කරයි. උඝ්ඝටිසඤ්ඤ විපටිසඤ්ඤ ඤෙය්‍ය, පදපරම වශයෙන් යටත් ප්‍රජාව සතර කොටසකට බෙදා නැවතත් මනුෂ්‍ය – දේවතාවා ,මනුෂ්‍ය – මනුෂ්‍යයා, මනුෂ්‍ය – යක්ෂයා, මනුෂ්‍ය – පේ‍්‍රතයා, යනුවෙන් සතර කොටසකට ප්‍රජාව වර්ගීකරණය වෙයි. ඥානකාරක බුධ, කටක රාශියේ ගමන් ගන්නා සති දෙකක කාලසීමාව පෘතජනයාගේ මානුෂිකත්වය කෙළෙසන හදිසි තීන්දු තීරණ ගනු ලබන ප්‍රචණ්ඩකාරි බිහිසුණු අවස්ථාවක් ලෙස මෙකී බුධගේ කටක රාශි සංක්‍රමණය හඳුන්වා දිය හැකිය.

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.