2021 වසරේ නිවැරැදි නැකතට වැඩ අරඹා හිස තෙල් ගාමු

අප්‍රේල් 9, 2021

සූර්යයා මීන රාශියෙන් මිදී මේෂ රාශියට සංක්‍රමණය වන දින සිංහල අලුත් අවුරුද්ද ලබන බව පුරාණයෝ සඳහන් කළත්, සූර්යයා සංක්‍රමණය නොවන බව වර්තමානයේ පුංචි දරුවන් පවා දන්න කරුණක්. මේ සූර්යයා වටේට තිබෙන ග්‍රහලෝක 9 ක් කැරකෙනවා කිවුවට තවත් අලුත් ග්‍රහලෝක නැතිව නොවේ.

 

මේ ඝණකඩ පොළොව තුළින් සත්වයා ඇති වන බවත් ජීවත්වන බවත් අන්තිමේදී පොළොවටම ක්ෂය වන බවත් නැතිනම් මැරී යන බවත් පඨවි භූතයා පිළිබඳ වැඩිදුරට ඉගෙන ගන්න කොට අපිට වැටහෙනවා ඇති. මේ පොළොව අපට අපේ මිනිස් ජීවිතයට ගහ කොළවලට ගොඩක් කිට්ටු වස්තුවක්. පොළොව භ්‍රමණය වන බව ඒ දවස්වල මිනිසුන්ට ප්‍රශ්නයක් වුණාට වර්තමාන අයට ඒක ප්‍රශ්නයක් නොවේ. මොකද කිවුවොත් විශ්ව වස්තු ගැන අතීතයට වඩා වර්තමානය දියුණු හා දියුණු වෙමින් පවතින නිසා. අනාගතයේදී මීටත් වඩා දියුණුවන ලකුණු පෙනෙනවා. ආදි මිනිසා ගහකොළයට, ගිනිදෙවි, ගංවතුර සඳහා පුද පූජා කළා තමයි. විහාර මහා දේවියත් අපට ලැබුණෙත් ඒ නිසාමනේ. වර්තමානයේ ඒ පැරණි සිරිත් විරිත් ඈත්ව වැඩ කළත් භීතිය – මරණය, වේදනාව දැනුනාම මේ බලවේග වලට අදත් වැඳුම් පිදුම් නොකරනවා නොවේ. සම්පූර්ණයෙන්ම නොවුවත් තරමකට හෝ එවැනි සිරිත් විරිත් කරන බව රහසක් නොවේ.

හොඳම උදාහරණයක් තමයි අගනුවරින් බැහැර පිටිසර වන ලැහැබ් වල අතරමං වන ඕනෑම දෙනෙක් වගේ ගස්වල කොළ අතු එල්ලුවාම අතරමං වීම නවතා මාර්ගය දර්ශනය වනවා. මේවා බොහෝ දෙනා නොපිළි ගන්නවට, එසේ සිදු වුණ අය පිළිගන්නවා. ඒ අවස්ථාවට ගණ දෙවි හෝ අයියනායක දෙවි පිහිට වන බව. ඔවුන් පිළිගන්නවා මේවා අද පවා නැහැ කියන්න බැරි සත්‍ය සිදුවීම් බව. තාක්ෂණය, නව ආහාර නිෂ්පාදනය වැනි ක්ෂණික දේවල්වලින් වර්තමානය දියුණු වුවත් ශරීරය නිරෝගිව පවත්වාගෙන යන පිරිසුදු ජලය, ආහාර, ධාන්‍ය, මිනිස් පරිභෝජනය වගේම ජීවිත ආරක්ෂාව සඳහා පැරැන්නෝ සමත් වුණා. ඒ අතරම අප වටා ඇති වර්ණ සංඝටක, ඛනිජ සංඝටකත් වසවිෂෙන් තොරව ලබා ගැනීමට පවා සමත් වුණා. නමුත් වර්තමානයේ වසවිසෙන් තොර ආහාරයක් වෙළඳපොළේ නැති තරම්. සීඝ්‍රයෙන් වර්ධනය වන ජනගහනයට අනුලෝමව නිෂ්පාදනය එහෙමත් නැත්නම් ඉල්ලුමට අවශ්‍ය සැපයුම පවත්වා ගැනීමට අසීරු වීම මෙහි චුදිතයා බව කිව හැකියි.

වසරක් ගෙවී වසරක් ආරම්භ වන අවස්ථාවක මනුෂ්‍ය ජීවිතයක නිරෝගීකම ගැන මීට වඩා සිතා බැලිය යුතු බව වැටහෙනවා. පසුගිය වසරේ නැකැතට වැඩ කිරීම, හිසතෙල් ගෑම ටිකක් ශුභවාදිව නොකෙරුණ බව පැහැදිලියි. හඬක් නැඟුවත් වැඩක් නොවූ නිසා නිවැරදි යමක් ප්‍රකාශ කිරීමට එදා අදිටන් කළ නිසා මෙම සටන ලියන්න හිතුණා.

2020 වසරේ කළ දේවල සිදු වූ දේවල් වැරදි නම් නිවැරදි කර ගැනීමත්, නිවැරදි නම් ඒවා වැඩි දියුණු කර ගැනීමත් වඩා උචිත යයි සිතනවා. මනුෂ්‍යයාට ජීවිතය පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යම කරුණක් වූ නැකතට වැඩ කරන්න වුණේ නැහැ. වැඩ කළත් නැකත ගැන නිවැරදි අවබෝධයක් නොතිබූ බවක් දැණුනා. නැකතට වැඩ කරනවා නම් ඒ අවශ්‍ය කාරණය සඳහා නියමිත වේලාවටම ආරම්භ කළ යුතු වනවා. අපි පුංචි උදාහරණයක් ගනිමු. නැකතකට ගමන් ආරම්භ කළ පසු එම පුද්ගලයාට කාල වේලාව තව ඇති නිසා අතරමඟදී තවත් වුවමනා වක් සඳහා යොමුවනවා. ඊට පසු අවශ්‍ය කාරණය සඳහා පිටත්වනවා. එහිදී ඔහුගේ නැකත කැඩෙනවා. ගත් නැකත බොහෝ විට නොනැකත වනවා.

නොනැකත්වලට බොහෝ විට වැඩ කරන්නෙ ලෝකෝත්තර වැඩ විතරයි. ලෝකෝත්තර වැඩකට ලෞකික නැකත් ගැනීමත්, ලෞකික වැඩකට ලෝකෝත්තර නැකැත් ගැනීමත් ඉතාම අශුභයි.

පසුගිය වසරේ 2019 පරණ වසර සඳහා ස්නානය සඳහා නුගපත් යුෂ මිශි‍්‍රත නානු හා ඉෂ්ඨ දේවතා සිහිකර වාසය මැනවි කියල තමයි ඒ ලිත්වල සඳහන් වී තිබුණේ. නුගපත් අයත් වන්නේ සෙනසුරාට, සෙනසුරා ගැන බොහෝ දේ ඔබ දන්නා නිසා නැවත කිවයුතු නොවේ. තවද පසුගිය වසරේ 2020 හිසතෙල් ගෑමට කොහොඹ පත්‍ර හා කොහොඹ යුෂ පාවිච්චි කළ යුතු බව සඳහන් වුණා. ඒ වසෙර්ම මුල් තැන දී තිබුණේ ස්වේත වර්ණ නොහොත් සුදු පැහැයටයි. පසුගිය වසරේ මුල් වූ ග්‍රහයන් වශයෙන් සෙනසුරු, අඟහරු හා බුධ ග්‍රහ ත්‍රිත්වය බව පැහැදිලියි. ලංකා කේන්දරයේ ආරම්භයෙදීම බුධගේ ගෝචරය 12 වැන්නේ මීනයේ වුණා. එනම් නීච ස්වභාවයක පැවතුණා. මීනය අයිති වන්නේ ගුරු නැත්නම් සුරගුරු, එසේත් නැත්නම් බ්‍රහස්පතීටය. එනම් මකරයේය. මකරයට බ්‍රහස්පති ද නීචය. අඟහරුවා පමණක් උච්ච ස්ථානයේ සිටිනු දක්නට ලැබීය. අඟහරුවා යනු “ලේ” වලට අධිපතියා වන අතර, රෝග සම්බන්ධව පතුරවන්නාය. රෝග පැතිරීම වැනි ක්‍රියා සිදුවූ බව කවුරුත් දනිති. වර්ණය වූයේ සෙනසුරුටය. සෙනසුරුගේ වර්ණය කලුය. මුළු රටම මළගෙදරක් නොවුණා නම් තමයි පුදුමය. රටම එකම මළගෙදරක් විය. 2021 වසර සඳහා ද ග්‍රහ ගෝචරය ගැන බලමු.

2021 මූලික ග්‍රහ ද්විත්ව ලැබී ඇත්තේ සෙනසුරාට සහ සිකුරාටය. එනම් නුග හා කරඳ පත් වලටය. හිස තෙල් ගෑමේ මූලික කරුණු දක්වන මේ යහපත් නිරෝගිකම මුල්කරගෙනය. එනම් 2021 හිස තෙල් ගෑමෙන් නිරෝගිකම අපේක්ෂා කළ හැකිය . සෙනසුරා හා සිකුරා එකතු වූ තැන ප්‍රමාද වූ විවාහ කටයුතු ඉටුකර දීම සාමාන්‍ය සිරිතයි. මේ අනුව සලකා බැලීමේදි 2021 වසර තුළ පමාද වු බොහෝ විවාහ මංගල්‍ය කටයුතු සිදුවීම කරයි. තුන්වැන්නෙ රවිගේ ප්‍රබලතාවය පවතින නිසාත් සිකුරු සමඟ යෝග වී ඇති නිසාත් මේ දෙදෙනාටම සිකුරු භවනේ ශප්තම දෘෂ්ඨිය වැටී ඇති නිසාත් යෝජනාත්මක විවාහ කටයුතු කඩිනම් වන බව කිව හැක. එම නිසා විවාහ පේක්ෂක ඔබගේ සහකරු සහකාරියගේ වයස් පරතරය ගැන ටිකක් සලකා බැලීම සුදුසු වේ. උත්සාහයෙන් කරගන්නා හැම විවාහයක්ම 2021 දී සාර්ථකභාවය පෙන්වයි.

2021 වසරේ පුණ්‍ය කාලය ලැබී ඇත්තේ අපේ‍්‍රල් 13 කුජ දින රාත්‍රී 08.09 සිටය. එදිනම රාත්‍රී 08.09ට පෙර සියලු වැඩ අත්හල යුතු බව පැවසේ. ඊට පසු 14 බුධ දින පූර්වභාග 8.57 දක්වා වේ. අපේ‍්‍රල් 14 බුධ දින පෙරවරු 2.33 සිට පෙරවරු 8.57 දකවා පුණ්‍ය කාලයේ අපර කොටසේ ආහාර පිසීම, අනුභවය යන නැකැත් යෙදී ඇත. අලුත් අවුරුදු චාරිත්‍ර ප්‍රකාර නියමිත නැකතට හිසතෙල් ගෑමෙන් කෝටියක් රෝග නිවාරණය වන බව පැරණි ඍෂි මතයයි. කරුණු මෙසේ සඳහන් වුවත් මෙදා හිසතෙල් ගෑම කෙරෙනුයේ අපේ‍්‍රල් 17 ශනි දින පූර්වභාග 7.16 නුග පත්‍ර හා කරඳ පත්‍ර තබා නිල්පැහැති වස්ත්‍රයෙන් සැරසී බව පැහැදිලි වේ. මෙවැනි චාරිත්‍රානුකූල නැකැත් ගැනීමෙන් ඉතා නිරෝගී වසරක් වීම පැහැදිලි කරුණකි. මෙහි සඳහන් කරුණුවලට අමතරව පුණ්‍ය කාලය තුළ දෙගුරුන්, වැඩිමහල් අය නැමැදීම, පොත පත හැදෑරීම ,ආගමානුකූල ක්‍රියා වැනි ලෝකෝත්තරයට වැඩ සිදු කර ගැනීම් ඉතා උචිත දේවල්ය. මෙදින නැකතට සියලුම ආහාර ගත යුතුය. ඊට ප්‍රථම ගෘහමූලිකයා විසින් ගෘහස්ථ ඉෂ්ඨ දේවතාවා සිහිකර කිරිබත් ගුලියක් පහනේ තැබිය යුතුය. ආහාර ගෙන අවසන් වීමත් සමඟ වැඩිමහල් අයට වැඳීම කළ යුතු වන්නේය. මේ අයුරින් පියා පවුලේ සෑම කෙනෙක්ගෙන්ම වැඳුම් ගත යුතු වන්නේය. මව පියාගෙන් හැර සෙසු සෑම දෙනෙකුගෙන්ම වැඳුම් ගන්නේය. මේ අයුරින් වන්දනා මාන අවසන් කර පොතපත කියවා දැනීම වර්ධනය කරගත යුතු වන්නේය.

2021 වසරේ සියලුම කරුණු නැකතට කර පළමුව නිරෝගී බවත් දෙවුනව ධෛර්ය බවත් මුල් කරගෙන සුබදායක කටයුතු වලින් ජීවිතය සපුරා ගත යුතු වන්නේය . 2021 යහපත සැලසීම සිකුරුය.

 

ඡ්‍යොතිර්වේදී,

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.