අඟහරු හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙයි

ජූලි 16, 2021
සයුර, අහස, ගොඩබිම් අනතුරු
විවිධ වසංගත පැතිරීම්
අර්බුධ කුමන්ත්‍රණ නිර්මාණය වේ
අනාචාර, දුරාචාර කටයුතු වර්ධනය වීම
ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නවතාවයක්
සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවේ
 
දක්ෂිණායනය, වර්ෂා සෘතුවෙහි සිංහ රවි 04 භාග නිකිණි මසේ පුර දොළොස්වක තිථිය මේෂ රාශිය තුලා නවාංශකය බෙරණ 03 පාදය පාද කොට ජුලි 20 කිවිදින පෙරවරු 7.11 ට විශ්ව තාරකා මන්දාකිණිය ගිණියම් කරවමින් විශ්ව කේන්ද්‍රය හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙන්නේ ය. 
නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදාරාශිය මෙන්ම ශ්‍රී ලාංකේය ජනරජ ආත්මකාරක රවි හිමි සිංහයෙහි රවි ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව කුජ බුධ මිත්‍රශීලීව සිකුරු ග්‍රහයා නීච ක්ෂේත්‍රව දෙවැන්නවූ ධනස්ථානගතවද කේතු උච්චව සිව්වැන්න වූ ගරුක කර්මය විවරණය කෙරෙන ස්ථානගතව ද චන්ද්‍රයා සමව සෙනසුරු, වක්‍රව ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව රෝග සතුරු ස්ථානගතව ද බ්‍රහස්පති වක්‍රව නැප්චූන් සමව ධර්මද්වීපයෙහි ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද යුරේනස් වක්‍රව භාග්‍ය ස්ථානය වූ නව වැන්නේ ද උච්ච රාහු කර්මස්ථානය සහ ශ්‍රී ලාංකේය ජනරජය ආශි‍්‍රතව දසවැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය උඩුයටිකුරුවෙන කාලපරාසයකට දොරගුළු විවෘත කෙරෙයි. 01, 02, 06, 10, 11 යන ස්ථාන දුර්වල කෙරෙමින් විශ්ව මේෂ රාශි සටහන යුගකාලීනව සක්‍රීය වෙන්නේ ය. 
අර්බුධ කැරලි ගැසීම්,  සුනාමි, විලාප, සාගරය, ආකාශය, ගොඩබිම්  මාර්ග අනතුරු විවිධ වසංගත, කුමන්ත්‍රණ, කැණහිලිකම් නිර්මාණය සමඟ අනාචාරය, දුරාචාරය වර්ධනය කෙරෙණ ග්‍රහ රිද්මයෙකි. ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්‍රයන්හි නවතාවයක්, සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවීම, යම්කිසි වෘත්තියක් ඉලක්ක වෙන දේශීය කෘෂිකර්මාන්තයට මූලිකත්වයක් ලැබෙන සංශෝධන ක්‍රියාත්මක කරලීම, කඩිනමින් සිදුවිය යුත්තෙකි. දේශීය පොහොර නිෂ්පාදනය අතිශය වැදගත් වෙන්නෙකි. ගතානුගතික හෝ අක්‍රමික ක්‍රියාකාරකම් කාලානුරූපව දේශීය බවකින් මුවහත් කිරීමට ශ්‍රී ලාංකේය රාජ්‍යය මෙන්ම රටවැසියා වෙරවීරිය කළයුතු කෘෂිකර්මාන්ත විප්ලවයට සමාරම්භය අතිශය ප්‍රශ්සත වූවෙකි. චිරංජයතු 
 
කොත්මලේ 
විජිත ඩී ලියනආරච්චි
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.