විශ්වතාරකා මන්දාකිණියෙහි නීච භංග රාජ යෝගයක්

ජූලි 23, 2021

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 27 භාග නිකිණි මහේ පුර දියවක තිථිය ලත් අගෝස්තු 11 වෙනි බුධ දින පෙරවරු 11.32 ට රසකාමි සිකුරුග්‍රහයා බුධ හිමි කන්‍යාවට නීචක්ෂේත්‍රව සම්ප්‍රාප්ත වෙන්නේ ය.

ඤාණකාරක බුධ අගෝස්තු 25 පෙරවරු 11.20 ට කන්‍යාවේ පැමිණ උච්ච මුල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රවීමද බුධ සැත්තැම්බර් 22 පෙරවරු 08.25 ට තුලා රාශිගතවීමද සැප්තැම්බර් 06 පෙරවරු 12.51 තෙක් සිකුරු ග්‍රහයා කන්‍යාවේ තැම්පත්ව යෙදීමත් අනුව අගෝස්තු 26 සැප්තැම්බර් 06 දක්වා සිකුරු නීචව, බුධ උච්චවීමෙන් බුධ සිකුරු නීච භංග රාජයෝගයක් ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි කේන්දරයෙහි ධනස්ථානය වූ දෙවැන්නෙහි උදාවෙයි. එසේම මුළු මහත් දිවයිනෙහි ප්‍රජාවට ද නව ගමන් මඟක විජයග්‍රාහී ආර්ථිකමය විජයශ්‍රීය උදාවෙනු පෙනෙයි.

ශ්‍රී ලාංකේය ජනරජ කේන්ද්‍රයෙහි (රාශි සටහනෙහි) 02.06.10 අර්ථ කෝණය, ෂඩ්කෝණ දෘෂ්ටියෙන්ද 06.10.02 විශ්ව මේෂ රාශි සටහනට අනුවව විශ්ව රාජ්‍යය භාණ්ඩාගාර මෙන්ම ශ්‍රී ලාංකේය රාජ්‍යය භාණ්ඩාගාරය ද සමස්ත ලෝකවාසී ප්‍රජාවටම ශුභවාදී හිතකර බවක් ද සිකුරුගේ කන්‍යා රාශි සංක්‍රමණයද වැදගත් වෙන්නේ ය. චිරං ජයතු.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.