තමන්ට නොදැනෙන ළඟ සිටින අය පිළිකුල් කරන සිරුරේ දුර්ගන්ධය

පෙබරවාරි 8, 2019

දුටුවන් මනබදන සුන්දරත්වයකින් යුතුව හැඩ වැඩ වී ගමන් බිමන් යන සමහර යෞවන යෞවනියන් මෙන්ම වැඩිහිටියන්ද හිත මිත්‍රාදීන්ගේ මෙන්ම අන් අයගේද පිළිකුලට ලක්වන්නේ ඔවුනොවුන් නොදැනුවත්මය.

කාර්යාලයට, වැඩපලට, වෙළඳසැලකට හෝ වෙනයම් ස්ථානයකට හෝ වේවා ගිය වේලාවකදී වුවද සමීප මිතුරන් හෝ හමුවන්නන් වැඩි කථා නැතිව ඔවුන් ඇසුරෙන් කඩිනමින් ඉවත් වෙන්නේ ශරීරයෙන් වහනය වන දුගඳ නිසාවෙනි. තම මිතුරෙකුගෙන් හෝ වේවා වෙනයම් අයකුගෙන් හෝ වේවා සිරුරෙන් වහනය වන දුර්ගන්ධය දැනුණ විගස ඒ අය මඟ හැර යෑමට බොහෝ දෙනකු පියවර ගන්නේ එය ඉතා අප්‍රසන්නවන බැවිනි.

සෑම කෙනෙකුගේම සිරුරෙන් වහනය වන ගන්ධයන් අතර ඉතා අප්‍රසන්නතාවයක් ඇතිකරන ගන්දය වන්නේ දහඩිය ගන්දයයි. ඒ ගැන අවධානය යොමු නොකරන යෞවන යෞවණියන් හැඩවැඩ වී සුවඳ විලවුන් ඉස තාවකාලික සුවඳක් වහනය කර ගැනීමට පුරුදුව සිටිති. අපේ මේ සිරුර පුරාම ස්නේහ ශ්‍රාවය ඉන්ද්‍රියන් පිහිටා ඇත. එසේ පිහිටා තිබීම නිසා ඒ තුළින් මුලු සිරුර පුරාම දහඩිය දැමීමට ලක්වේ. එසේ මුළු සිරුර පුරාම දහඩිය වැගුරුනත් දහඩිය ගඳක් වහනය වන්නේ කිහිලි හා ඉකිලි ප්‍රදේශයන්ගෙන් වහනය වන දහඩිය වලින් පමණි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.