ලාදුරු - වාත රක්තය හිරි වාතය නොවෙයි

පෙබරවාරි 22, 2019

“හරිම වාතයක්නෙ” මේ වාක්‍ය දෙක කෙනකු පවසන්නේ සතුටුදායක අත්දැකීමකට නොවෙයි. වැඩි වාතය සිරුරට, මනසට කරදරයක් බව සැබෑවකි. වාතය කායික, මානසික ක්‍රියාකාරිත්වයන් හි පාලකයකි. රුධිර සංසරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම, හුස්ම ගැනීම, සිතිවිලි කෙරෙහි වාතය බලපායි. සෙම් හා පිත ක්‍රියා කිරීමට ද වාතය නැතිවම බැරිය. වා, පිත්, සෙම යන තුන් දොසේ ප්‍රබලයා වන්නේ වාතයයි. ඒ නිසා වාතය සමනය කර ගැනීම ඉතා වැදගත්ය.

වාතය රක්තයේදී සන්ධි මෘදු වී රතු වී උග්‍ර වේදනාවක් දැනෙයි. මාපට ඇඟිලිවල මුල බොහෝ විට වේදනාව දැනෙයි. ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම මෙසේ සිදුවන විට සන්ධිවලට, පටකවලට, ඛණ්ඩරාවලට හානි සිදුවේ. එවිට රුධිරයේ යූරික් අම්ල මට්ටම වැඩිවේ. යූරික් අම්ලය සිරුරේ ද්‍රව්‍ය බිඳ වැටීමේදී නිපද වෙයි. එනම් ආහාර ජීර්ණයේදී නිපදවෙන අපද්‍රව්‍යයකි. ඇතැම් මස් වර්ග, සාඩින්ස්, වියළි බෝංචි, බියර්වල යූරික් අම්ලය අඩංගුය.

වකුගඩුවලින් යූරික් අම්ලය පෙරී සිරුරින් පිට වී යයි. නියමිත පරිදි යූරික් අම්ලය පිට නොවූ විට ඒවා කැටිති වී සන්ධිවල, ඛණ්ඩරාවල, පටක අවට තැන්පත් වෙයි. මෙය පිරිමින් අතර වඩා සුලබය. ආයුර්වේදයේ මෙය වාත රක්ත හෝ ආද්‍යා 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

කෘතියෙනි විශේෂ ස්තූතිය: මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.