වැල්පෙනෙල

මාර්තු 1, 2019

බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නා

ධාතු වර්ධනය කොට ස්නායු දුබලතා නැතිකරන රසායන මෙන්ම වාජීකරන ගුණයෙන් යුත් වැල්පෙනෙල පිරිහී ගිය පුරුෂශක්තිය හා බලය ඇතිකරන ප්‍රබල ඖෂධයකි. සිංහල භාෂාවෙන් පෙනෙලවැල්, වැල්පෙනෙල යනුවෙන් හඳුන්වන පෙනෙලවලට සංස්කෘත භාෂාවෙන් නම් රැසකි.

ඡ්‍යොතිෂ්මතී, ශ්‍යාමා, කාලමේෂිකා, කෝෂවල්ලී, කර්ණස්ථොමා, අර්ධචන්ද්‍ර, පාරාවනපතී ආදි නම් වෙති. දෙමළ බසින් සුගට්ටන් මුදකොට්ටන් හා මධුකිතාන් යනුවෙන්ද හඳුන්වා ඇත. ඖෂධ සඳහා පෙනෙලවැල්වල පෙනෙලකොළ ,පෙනෙලමුල්, පෙනෙල ගෙඩි හා පෙනෙල දළු ද යොදා ගනිති. බොහෝ විට වැල්පෙනෙල මී විෂට මෙන්ම අනෙකුත් විෂ නැසීමට ද ගනු ලබන අතර ධාතුවර්ධක ඖෂධ සඳහා බෙහෙවින්ම යොදා ගනිති.

ධාතුවර්ධක ශක්තිවර්ධක ඖෂධයක් ලෙස දේශීය වෙදකමේදී හා ආයුර්වේද වෙදකමේදී ඖෂධ සමඟ එක්කර ගන්නා වැල්පෙනෙල දියවැඩියාව නොහොත් මධුමේහයට අණ්ඩවාතයට බෙහෙවින් යොදාගනිති. විශේෂයෙන් අපහසුවකින් තොරව සාදාගත හැකි මෙන්ම ඖෂධීය කැඳ අලෙවි සැල්වලින් ලබා ගත හැකි වැල්පෙනෙල කැඳ ධාතු වර්ධනයට පුරුෂයන්ගේ ශුක්‍ර මේහයට සහ කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදරයට ඉතාම ගුණදායක වන ඖෂධීය කැඳකි. අක්ෂිරෝග රත්පිත් සෙමවාත සන්නිරෝග පක්ෂාගාත ආදි රෝග සඳහා දෙනු ලබන බෝධිසත්ව තෛලයට වැල්පෙනෙල ප්‍රධාන කොට තවත් ඖෂධ රැසක්ම ගනිති.

බත්තරමුල්ල පැලවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර

සටහන

එස්.එස්.එස්. ප්‍ර‍්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.