සිරුර ගිනියම් කරන ආහාර පාන

මාර්තු 1, 2019

අපේ රටේ වැඩි දෙනෙක් උෂ්ණාධිකකමින් පීඩා විඳිති. අප වාසය කරන්නේ ද උණුසුම් කාලගුණයක් ඇති දේශයකය. ඒ නිසා සිරුර ගිනියම් කරන ආහාර පානවලින් වැළකී සිටීම සුවයෙන් සතුටින් සිටීමේදී ඉතා වැදගත් වෙයි.

අප ගන්නා බොහෝ ආහාරවලින් සිරුර ගිනියම් වෙයි. යම් ආහාරයක් ජීර්ණය වීමට ගන්නා කාලය වැඩිවන තරමටම සිරුරින් වැය කිරීමට සිදුවන ශක්තිය ද වැඩි වෙයි.

සාමාන්‍යනේ ආහාරයක මේදය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ඉහළ නම් ජීර්ණයේදී වැඩි

උෂ්ණත්වයක් නිපදවෙයි.

අල වර්ග (අර්තාපල්, කැරට් වැනි) ලූනු, සුදුලූනු, ලීක්ස් වැනි කටුක ආහාර ස්වභාවයෙන්ම උෂ්ණත්වය වැඩි කරයි.

පාන වර්ග උණුසුම්ව ගැනීමේදී සිරුරේ උණුසුම වැඩිවේ. සැබැවින්ම සිරුරේ උණුසුම යම් තරමක වැඩිවීම ශරීර සෞඛ්‍යයට යහපත් දෙයකි. ආහාර මඟින් හෝ ව්‍යායාම මඟින් සිරුරේ උෂ්ණත්වය යාන්තමට වැඩිවීම සෑම අතින්ම සුබදායකය. එයින් සිරුරට බාහිරව ඇතුළු වන විසබීජ විනාශ වෙයි. එහෙත් ඉදිරියට එන්නේ උෂ්ණාධික කාල වකවානුවක් නිසා සිරුර සිසිල් කරන ආහාර පානවලට වැඩි තැනක් දීම වැදගත් වෙයි. එසේ වුව ද සිරුර උණුසුම් කරන ආහාර වර්ග කිහිපයක් හෝ ගැනීමට අමතක නොකළ යුතුයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.