සියලු රස ගුණ සොයා අපට දායාද කළ ආයුර්වේද හෙළ වෙදකම

මාර්තු 8, 2019

ආයුර්වේදය වේද ශාත්‍රයක් වශයෙන් භාවිතා වීමට පෙර විසූ ජනයා හා සෘෂිවරුන් විසින් මිහිතලයේ පැළවෙන සෑම පැළෑටියක්ම හඳුනාගෙන එහි ඖෂධීය ගුණය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කර තිබේ. එපමණක්ද නොව ජලජ ජීවී සත්වයාද මිහිපිට ඇති මාංශයන්ගෙන් මනුෂ්‍ය ශරීරයට ගුණදායක මාංශ තෝරාබේරා ගත්හ.

ආයුර්වේදය මනුලොව පහළ වන අවධිය දක්වා මෙරට හෙළ වෙදකම ඓතිහාසික වශයෙන් ඉපැරණි බව රාවණා රජුගෙන් පැහැදිලිය. රාවණා රජු දක්ෂ වෛද්‍යවරයකුයයි ඉතිහාසයේ සඳහන්ව ඇත. එතුමා පාලි සංස්කෘත භාෂාවෙන් ලියවූ වෛද්‍ය ග්‍රන්ථයන් අද සිංහලට පරිවර්තනය කරගෙන තිබේ. ලොව පැවති ප්‍රථම මහා වෙද සමුළුවට සාමාජිකත්වය දරමින් ‘පුලතිසි’ වෙදදුරුතුමා හෙළ දිව නියෝජනය කර ඇත. එතැන් පටන් ආයුර්වේදය ලොව පතල වී විවිධ හැල හැප්පුම්වලට ලක් වෙමින් අද දක්වා බිංදුමාත්‍රයෙන් හෝ මිනිසාගේ සුවය හා නීරෝගිකම සඳහා වෙහෙසෙමින් කටයුතු කිරීම ඉතාම ප්‍රසංසනීයයි. එදා මෙන්ම දේශපාලනික, සංස්කෘතික ආදී සැම අංශයකින්ම අප රටට අසල්වැසි ඉන්දියාවෙන් බලපෑම් එක සේ ප්‍රබල වෙමින් පැවතියේ ය. නමුත් මෙරට හෙළ වෙදකම ආයුර්වේදය නිසා ඔප් නැන්වෙමින් එවකට ඉන්දියාවේ පැවති වෙදකමට වඩා අභිභවා. ආයුර්වේද වෙදකම නැගී සිටි නිසා එහි උණුසුම අපට තදින්ම දැණුනි. ආයුර්වේද සාහිත්‍ය ක්ෂේත්‍රයේ මූලික ග්‍රන්ථ සියල්ලම මුදුන් මල්කඩක් සේ සලකා වෙදගුරු පිරිස චරක සුශ්‍රක වාග්නවාදී මූලික ග්‍රන්ථ සියල්ලක් එක්රැස්කර චිකිත්සා ප්‍රාණාවලියත් සමග වට්ටෝරු සම්භාරයක් ලියාතබා තිබීම ඉමහත් සතුටට කාරණයක් වන්නේ ය.

 

අමිතිරිගල මැදගොඩ ආයුර්වේද වෛද්‍යාචාරිනී,

ගුණවතී එදිරිසිංහ

දු. අං. 071 9434929

සමඟ සාකච්ඡා සටහන යටියන්තොට සමූහ, කුමාරසිංහ ගුණදාස

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.