දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විඳවන මව්පියවරුන්ට...

මාර්තු 15, 2019

පසුගිය සතිය හා සම්බන්ධයි

තම දරුවන්ගේ අනාගතය පිළිබඳව මාපියන් වන ඔබ බොහෝ සිහින දකියි. එහෙත් ඔවුන්ගේ ඒ අහිංසක සිහින සැබෑ වන්නේ කීයෙන් කීදෙනෙකුගේ ද? ඒ සඳහා වගකිව යුත්තන් වන්නේ ද දෙමාපියන් වන ඔබමයි. දරුවන් කරන බොහෝ වැරදි ක්‍රියාවන් සඳහා බොහෝ විට මාපියන්ගේ නොසැලකිලිමත් භාවය මෙන්ම දරුවා හරි හැටි හඳුනා ගැනීම පිළිබඳ ගැටලු පවතියි.

එසේම පවුල් පසුබිම ඔවුන් ජීවත්වන පරිසරය, වටපිටාව, දරුවන් ඇසුරු කරන හිත මිතුරන් ආදී කරුණු කාරණාද මේ සඳහා බලපායි. තවද දරුවා ලැබෙන්නට සිටින අවධියේ දී මව විසින් අත්විඳින සියලු දේ ද බලපාන අතර මවගේත් ,පියාගේත් මෙන්ම පාරම්පරික ගති ලක්ෂණද දරුවකුගේ ජීවිතයේ ,ගතිගුණ හා හැඩ ගැසීම සඳහා බලපානු ලබන්නේ ය.

කුඩා අවධියේ සිට ගත් විට අවුරුදු 12 ත් 18 ත් අතර අවධිය දරුවකුගේ විධිමත් ක්‍රියාකාරි අවධියයි. මේ කාලය තුළ ඔවුන් ශාරිරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශීඝ්‍ර වර්ධනයකට පත්වෙයි. එසේම දරුවන්ගේ ප්‍රජනන වර්ධනය ද ශීඝ්‍රයෙන් සිදුවන මේ කාලවකවානුව තුළ මාපියන් වශයෙන් දරුවන් ළඟින්ම සිටිය යුතු අවධියයි. එසේම මේ අවධිය දරුවන්ට බොහෝ ගැටලු පැන නගින අවධියයි. එබැවින් ඒ ගැටලු සඳහා ඔබ ඔවුන්ට නිවැරදි පිළිතුරු ලබාදිය යුතුය. ඔවුන් මේ කාලයේ බොහෝ තාර්කික ගැටලු ඉදිරිපත් කරයි. එසේම ඒවාට විසඳුම් ද සොයා ගැනීමට උත්සාහ කරයි. එසේ දරුවාට ඇතිවන ගැටලු සඳහා ඔවුන්ට විසඳුම් සමාජයෙන් හෝ වෙනත් කෙනෙකුගෙන් ගන්නට ඔබ ඉඩ නොතබන්න. ඒ සඳහා නිවැරදි මග පෙන්වීම ඔබම කරන්න. ඔබේ දරුවා හා සමීපව සිටින්න. දරුවාට දැනෙන්නට ආදරය කරන්න. මන්ද ඔවුන් තමන්ට ඇතිවන ගැටලු ඉතා සූක්ෂ්ම ආකාරයෙන් විසඳා ගන්නටත් ඒවාට විද්‍යාත්මක ක්‍රමවේදයන් සොයන්නටත් පෙළඹෙයි. වැරදි විසඳුම් දරුවා නොමඟ යවයි. වැරදි ක්‍රියාවන්ට මග පාදයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

ප්‍රදීප් රණවීර

(සර්වාංග) මනෝ චිකිත්සක, ස්වාපනවේදී, ඡ්‍යොතීර්වේදී, චීන කටු චිකිත්සක

සුරේඛා සංජීවනී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.