ඔසු ගුණ සපිරි තලිස්

මාර්තු 15, 2019

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සඳහා යොදා ගනු ලබන ඖෂධ යෝග අතර තලිස් හෙවත් තලිස් පතුරු ඉතා වැදගත් ශාකයකි. මෙහිදී මෙම ශාකයේ කුඩා රිකිලි සහිත පත්‍ර ඖෂධ සඳහා ගනු ලබන අතර තලිස් පතුරු යනුවෙන් ගනු ලබන්නේ ද මෙම තලිස් ශාකයේ ඖෂධාංගයයි. වා, පිත්, සෙම් යන තුන් දොස් අතුරින් වාතය හා සෙම නසන ගුණ යුතු මෙම තලිස පත්‍ර වෛද්‍යවරුන් සඳහා නැතිවම බැරි ඖෂධ වර්ගයකි.

තලිස් වැවෙන ප්‍රදේශ

පංජාබයේ සින්දු නදී තීරයට ආසන්න ප්‍රදේශයේ සිට භූතානය දක්වා අඩි 8000 – 12000 දක්වා උස් වූ හිමාලය ප්‍රදේශයෙහිද, ඇෆ්ගනිස්ථාන් බලුකිස්ථාන් ආදී පාර්වතීය ප්‍රදේශවලද වැවේ.

තලිස් විවිධ භාෂාවලින් හඳුන්වන නාම

සිංහල බසින් -

තලිස් පතුරු වන අතර

සංස්කෘත බසින් -

තලිස, තාලීසන පත්‍ර, තලීස පත්‍ර, නීල අම්ලකී පත්‍ර, පත්‍රාඪ්‍ය ශුකෝදර, තෙලීස පත්‍ර, ධාත්‍රි පත්‍ර, අකිවේධ, කරිපත්‍ර, ඝනච්ඡද නීශම්බර, තාල, තාලී පත්‍ර, තාලාහ්වය ආදී නාම රාශියක් දක්නට ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ගොකරැල්ල, පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.