පංචකර්ම ප්‍රතිකාර

අප්‍රේල් 5, 2019

ආයුර්වේදයේ මූලික අරමුණ වන්නේ නිරෝගිමත් පුද්ගලයකුගේ එම නිරෝගි බව ආරක්ෂා කර දීමත් රෝගී පුද්ගලයෙකුගේ රෝග ලක්ෂණ තුරන් කිරීමත් (ආතුරස්‍ය රෝග) ය. නිරෝගී අයෙකුන් නිරෝගී බව පවත්වා ගැනීමට රසායන කර්ම හා වාජි කර්මත් යොදා ගැනෙන අතර රෝගී පුද්ගලයෙකුගේ රෝගී බව නැති කිරීමට (තිදෝෂ සමනයට) කරනු ලබන කර්ම රාශියක් ඇත.

නමුත් එම කර්ම අතුරින් ශෝධන කර්ම ගනයෙහිලා සැලකෙන පංච කර්ම පිළිබඳව කෙටි හැඳින්වීමකි. මේ ‘සුශ්‍රැත’ ආචාර්ය මතය අනුව පංච කර්ම ප්‍රතිකාර කොටස් 5 කට බෙදා ඇති බැවින් ඒවා පංච කර්ම ප්‍රතිකාර ලෙස හැඳින්වේ. ඒවා වමන, විරේචන, වස්ති, නස්‍ය රක්ත මොක්ෂණ’ ලෙස බෙදා දක්වා ඇත. ශරීරගත යම් විසක් ඇත්නම් ඒවා ඉවත් කිරීමට ශෝධනය කිරීමට මෙම පංචකර්ම ප්‍රතිකාර ක්‍රමය යොදා ගැනේ. එයින් මෙහිදී ‘නස්ස්‍ය’ කර්මය පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙහි අරමුණයි.

නස්ස්‍ය යනු නාසා හෙවත් නාසය ඇසුරු කරමින් කරනු ලබන ප්‍රතිකාරයකි. සියලුම සත්වයින් තම ප්‍රාණය පවත්වා ගැනීමට ආශ්වාස ප්‍රශ්වාස කරනු ලබන මෙම ඉන්ද්‍රිය හරහා ප්‍රතිකාර ලබා දීමෙන් එම ප්‍රානය පවත්වාගෙන යාමට යම් බාධාවක් අවහිරයක් ඇත්නම් එය ඉවත්කර යථා තත්ත්වයට පත් කිරීම මෙම ප්‍රතිකාරයේ අරමුණයි. දසරුවෙන්උඩ (උරහිසෙන් ඉහළ) හිස ප්‍රදේශයේ ඇති දෝෂ සමනය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලෙස නස්‍ය කර්මය යොදා ගත හැකි ය. ඉරුවාරදය, පාකින්සන්ස්, පොතු කබර, මුඛ රෝග, දන්ත රෝග, අක්ෂි රෝග, අවභානුත, අකලට හිසකෙස් පැසීම, ගැලවී යාම වැනි කායික රෝගවලට මෙන්ම මානසික රෝගද මෙමගින් සුව කළ හැකි ය.එමෙන්ම තරුණ වියේ ඇතිවිය හැකි මුහුණේ හා ආශි‍්‍රත කුරුළෑ, මුහුනේ අනවශ්‍ය රෝම සම රැළි වැටීම වැනි රූපලාවන්‍ය ගැටලුවලදී ද මෙම ප්‍රතිකාරය සාර්ථක ලෙස යොදා ගත හැකිය. ඉහතින් සඳහන් කළේ සුවකළ හැකි හා පාලනය කළ හැකි රෝග රැසකින් ස්වල්පයකි.

ස්වරභේදය

මෙම ප්‍රතිකාරය පූර්ව කර්ම, ප්‍රධාන කර්ම අපර කර්ම වශයෙන් කොටස් තුනකට බෙදේ. ප්‍රතිකාරය සඳහා රෝගියා පිළියෙල කිරීම දුර්වල කර්මයේදී සිදු කෙරේ. එය ‘ස්නේහ’ හා ‘ස්වේද’ කර්ම ලෙස දෙවැදෑරුම්ය. එහිදී රෝගියාගේ හිස සුදුසු තෙල් වර්ගයකින් සම්භාහනය කොට පසුව මුහුණු ගෙල දෙපස, මුඛය වටා, ඇස් වටා, නාසය දෙපස මෘදුව සම්බාහනය කළ යුතු ය. ඉන්පසුව උණුසුම් පොට්ටනියකින් එකී ස්ථාන තැවීම හෝ තෝරාගත් ඖෂධීය ශාඛ පත්‍ර හා ඖෂධ යොදා සාදා ගත් ජලය භාජනයකට හොඳින් උතුරවා (රෝගියාගේ හිස හැර) තෙල් ගල්වන ලද ප්‍රදේශයට හුමාලය බැඳීමට සැලැස්විය යුතු ය. මෙහිදී ඝනකම රෙද්දකින් ශරීරයේ ඉතිරි කොටස් ආවරණය කොට විනාඩි 5 – 8 ක් පමණ හුමාලය ඇල්ලීම සාත්තු සේවිකාවගේ වගකීමයි. ඉන් පසුව නස්ස්‍ය කර්මය සඳහා සූදානම් කළ ඇඳෙහි රෝගියා නිදි කරවා (හිස උඩට සිටිනසේ) ගෙල යටින් කොට්ටයක් හෝ එවැනි ආධාරකයක් තබා නාස් පුඩු හොඳින් විවර වී ඉහළට සිටින සේ ස්ථාන ගත කළ යුතු ය. මේ සියල්ලට පෙර සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව රෝගියා දැනුවත් කිරීමක් වෛද්‍යවරයා විසින් කරනු ඇත.

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

ප්‍රදීප් රණවීර

(සර්වාංග) මනෝ චිකිත්සක, ස්වාපනවේදී, ඡ්‍යොතීර්වේදී, චීන කටු චිකිත්සක

සුරේඛා සංජීවනී

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.