සතුට සැනසුම සමඟ නිරෝගීභාවය ගෙනෙන අවුරුදු චාරිත්‍ර

අප්‍රේල් 12, 2019
දුප්පත් පොහොසත් භේදයකින් තොරව සැමට හිරු සඳු එකසේ ප්‍රයෝජන ගත හැක. එයයි අපට මෙලොව ලැබෙන්නාවූ සාධාරණම වස්තුව. එහි නිසි ප්‍රයෝජන සියලු ජනතාවට එක සේ බෙදා දෙමින් සියල්ලෝම එකමුතු කරන්නාවූ ඉතාමත් සාමකාමි උත්සව අවස්ථාවකි. 
 
මේ සිංහල අවුරුද්ද, අපේ සංස්කෘතිය ආරක්ෂා කරමින් නිරෝගීව එකමුතුව මෙන්ම හිරු සඳු සහ අප අතර බැඳීම මනාව පිළිබිඹු කර ගහකොළ සතුන්ගේ අගය පරිසරය සමඟ බැඳුන අවස්ථාවකි මෙය. 
ගස් වැල් මලින් බරව පරිසරය මනාව චමත්කාරව කොවුලා මූලිකව හඬනගා කියා පාන්නා වූ සියල්ලන්ටම මානසික කායික පි‍්‍රයතාවයක් ගෙන දෙන සෞභාග්‍යයෙන් පිරුණු උත්සව අවස්ථාවකි. 
මෙහි මුල්ම අංගය නව සඳ බැලීමයි. අවුරුදු චාරිත්‍රයේ සෑම ක්‍රියාවක්ම පිළිබිඹු කරන නිරෝගී බව මෙයින්ද කියා පායි. 
හිරු ලොවෙහි පියා මෙන් ක්‍රියාකරන අතර සඳු මව මෙන් කි‍්‍රයා කරයි. හිරුගේ රශ්මිය රෞද්‍රය. එසේම බොහෝ විෂබීජ නසන්නා වූත් චර්මරෝග විනාශ ගුණ මෙන්ම අපට අවශ්‍ය ජීව ධාතුව සම මගින් වර්ධනය කිරීමේ හැකියාවක්ද හිරුට ඇත. එසේම මුළු ලොවටම ආහාර සැකසීමේ බලය ශාකවලින් ලබාදීමේ ශක්තිය හිරු රශ්මියේ ඇත. 
එම නිසා හිරු ලොවට ආරක්ෂාව ආහාර සැපයීම රෞද්‍ර ගතිය කියාපාන්නා වූ ග්‍රහයෙකි. සඳු මවක් මෙන් සිසිලස ශාන්තිය සෞම්‍ය බව ගෙන දෙයි. හිරු මෙන් නොවේ. අපට මවක් මෙන් සඳ උතුම් ය. සියලු දුක් දොම්නස් නැති කර ශාන්තිය ලබාදේ. ඒ නිසා මුලින්ම නව සඳ බැලීමේ අදහස වනුයේ නිරෝගී බව මෙන්ම ජීවිතයට සිසිල සෞම්‍ය ගෙන දීමයි. 
 
වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ බෙහෙත් ශාලාව මැදගොඩ අමිතිරිගල 
 
සටහන් හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.