දෙස් විදෙස් අවුරුදු සිරිත් විරිත්

අප්‍රේල් 12, 2019

හෙළයන්ගේ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුදු උත්සවයයි. එමෙන්ම හින්දූන්ද අලුත් අවුරුද්ද ඔවුන්ගේ ජාතික උත්සවය ලෙස සලකති. මෙසේ අවුරුදු උත්සවය පැවැත්වෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම නිමිත්තෙනි.

සූර්යයා සූර්ය වංශකයින්ට හිමි දෙවියාය. එම දෙවියා වසරක් තුළ කෙරුණ සංචාරයෙන් පසු පෙරළා පැමිණීම මෙම උත්සවයට හේතුවයි. එය අප රටේ මෙන්ම ලොව පුරා අනෙකුත් රටවලද ඒ ඒ රටවලට ආවේණික වූ චාරිත්‍ර මුල් කරගෙන උත්සව පවත්වති. ඒ අනුව ලොව පළමුවන උත්සවය පවත්වා ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙදහසේදී බැබිලෝනියාවේදීය. දේවමණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන චාර්ඩික් සිහිපත් කරමින් මෙම අවුරුදු උත්සවය පවත්වා ඇත.

ගොවි උළෙලක් ලෙසින් පවත්වා ඇති බැබිලෝනියාවේ අවුරුදු උත්සවයට මුල්තැන ලබා දී ඇත්තේ ආහාර අනුභවයටයි. අප රටේ අවුරුදු උත්සවය පවත්වනු ලබන්නේ නැකතට මුල්තැන දෙමින් හා ආගමික වතාවත් ප්‍රධාන කොටය. නව සඳ බැලීමෙන් ආරම්භවන සිංහල අවුරුද්දේ වෙහෙර විහාරස්ථාන මුල්කරගනිමින්ම පැවැත්වේ. නව සඳ බලා ස්නානය කොට උදාවන සංක්‍රාන්ති කාලයේදී සියලු වැඩ අත්හැර විහාරස්ථානවලට ගොස් තෙරුවන් නැමඳ විනෝද ක්‍රීඩාවල නිරතවීමට අමතක නොකරති. මෙහිදී බොහෝවිට රතිඤ්ඤා පත්තුකිරීම, රබන් ගැසීම, ඔංචිල්ලා පැදීම, දාම් ඇදීම් ආදි ක්‍රීඩාවල නිරත වේ. නැකැත් වේලාව උදාවූ විට ආහාර පිස වැඩ අල්ලා ආහාර අනුභව කිරීමෙන් පසු දූ දරුවන් දෙමාපිය වැඩිහිටියන්ට බුලත් අතක් දී නැමැදීම සිරිතකි.

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙදමැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

සටහන එස්.එස්.එස්. ප්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.