ගී‍්‍රෂ්මයේ ගත නහවන දහදියට පිළියම්

අප්‍රේල් 19, 2019

* හරිත පැහැ ආහාර පාන වලින් සරතස නිවා ගන්න

ග්‍රීෂ්මයේ දවස පුරාම සිතට වධ දෙන ගැටලුව සිරුර දවන දාහයයි. දාහය නිවා ගැනීමට අප නොකරන දෙයක් නැත.

දාහය නිවීමට අංක එකට අපට මතක් වන්නේ ජලය වුව ද තවත් බොහෝ මාර්ග මඟින් අපට උණුසුම් වන ගත සිත සිසිල් කර ගත හැකිය.

හරිත පැහැ එළවළු, දාහය නිවීමට ජලය මෙන්ම උපකාරී වන බව වැඩි දෙනෙක් නොදනිති.

මේ කාලයේ වැඩි විය හැකි පීනස වැනි අසාත්මිකතාවලට ඉඟුරු යුෂ, ලෙමන් යුෂ, මඳ උණුසුම් ජලය, මීපැණි වැඩිපුර පරිභෝජනය ගුණදායකය.

මේ අංකුර වැඩිපුර ආහාරයට ගැනීමට සුදුසුම කාලයකි. පරිප්පු, මුං, සෝයා බෝංචි, මෑ, ග්‍රීන්පීස්, රතු කැකුළු සහල්, කුවිනෝවා, වට්ටක්කා, තල, සූරියකාන්ත ඇට, ආමන්ඩ් ආදී සියල්ල අංකුර ලන ආහාරය. ප්‍රෝටීන්, ෆෝලේට්, මැග්නීසියම්, පොස්පරස්, මැංගනීස්, විටමින් සී, කේ බහුලව අඩංගුය. ඇට වර්ග අංකුර දැමීමේදී ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල ඇතුළු පෝෂක වැඩිපුර නිපදවෙයි. අංකුරවල අඩංගු ප්‍රෝටීන පහසුවෙන් ජීර්ණය කළ හැකිය. මේවායේ ප්‍රතිඔක්සිකාරක ද සුලබය. ඇතැම් ආහාරවල පෝෂක සිරුරට උරා ගැනීමට බාධා කරන ද්‍රව්‍ය අඩංගු වුව ද මේවායේ එවැනි ද්‍රව්‍ය ඉතා අඩු ප්‍රමාණයක් ඇති නිසා පහසුවෙන් සියලු පෝෂක උරා ගනී.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි

චම්පිකා දීපානි රණසිංහ

* සූදුරු, මහදුරු, කොත්තමල්ලි තම්බා පානය කරන්න. දහදිය ගැටලුවට පිළිතුරකි.

* නින්දට පෙර ලෙමන් යුෂ සහ තක්කාලි පල්පයක් සාදා ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදා හරින්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.