අපට නොවැටහෙන ප්‍රතිකාර සොබාදහම තුළින් සතුන් ලබා ගනියි

අප්‍රේල් 26, 2019

අද මනුෂ්‍ය වර්ගයාගේ බොහෝ දෙනෙක් අකාලයේ මියයයි. එසේ නොමැතිනම් සාදා ගන්නා ඖෂධ ගතයුතු රෝගයකින් පෙළේ. එයට පිළියම් සෙවීම සහ ඖෂධ සඳහා මහත් මුදලක් රජයට වැය කිරීමට සිදුව ඇත.

අප ජීවත්වන්නේ ද ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන නවීන තාක්ෂණය ද බොහෝ දියුණු එසේම තාක්ෂණික උපකරණ මෙන්ම තාක්ෂණය හා බැඳුණු මොළ වලින් ද පොහොසත් රටකය. එදා දවස් ගණන් කළ කාර්යයන් අද එක දවසින් කළ හැක. ඒ නිසා වේගයෙන් දියුණුව කරා ගොස් ඇති බව අපට පෙනේ. එනමුත් ඊටත් වඩා වේගයෙන් රටේ ජනතාව බොහෝ රෝගවලට නැඹුරු වී ඇති බව සත්‍යයකි.

උදේ පාන්දර සිට කුඩා දරුවා බාහිර පන්තිවල නිරත වන අතර, ක්‍රමවත්ව ආහාරය ගැනීම මානසික විඩාව දුරු කර ගැනීම තබා ශරීර කෘත්‍යයන් ඉටුකර ගැනීමට වත් ඔවුනට විවේකයක් නොමැත. එනමුත් සදාචාර ධර්ම උගත් කොටස අඩු ය. දහම් පාසල තුළ පමණක් මෙය කළ නොහැක. මව්පියන් මේ ගැන උනන්දු විය යුතු ය. එනමුත් ශිෂ්ට සම්පන්නකම සංස්කෘතිය පිළිබඳ දැනුම අඩු ය. රට කොපමණ දියුණු වුවද සමහර කිරි දරුවෝ කාණුවල කසළ ගොඩවල් වල මෙන්ම මහලු දෙමව්පියෝ මහමග හෝ අනාථ නිවාසවල ය. මේ අතර දුරාචාරය බොහෝ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍යාචාරිනී, අමිතිරිගල, මැදගොඩ ගුණවතී එදිරිසිංහ

සටහන කුමාරසිංහ ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.