ඔබ රෝගී වීමට පෙර නිරෝගීවන්න උත්සාහ කරන්න

මැයි 17, 2019


අප උපදින විටම බොහෝ දුරට නිරෝගී අයෙකි.යම් හෙයකින් ජානමය රෝගයක උරුමයක් හෝ ශරීරයට අඩුපාඩුවක් නොමැති නම් උපතින්ම සියලු දෙනාම නිරෝගීය. මව් කුස තුළදී දරුවා මවගෙන්ද, උපතින් පසු මව් කිරෙන් ද ලබාගන්නා වූ ප්‍රතිශක්තිය බොහෝ දුරට අපට නිරෝගීතාවය ලබා ගන්නට ලැබුණා වූ මහඟු දායාදයකි.

සොබාදහම අප නිරෝගී කිරීම සඳහා බොහෝ දෑ පරිත්‍යාග කර ඇත. සොබාදහමේ මේ මහඟු දායාදය අප විසින්ම විනාශ කර ගැනීම අපේ ඇති විශාල දුර්වලතාවයකි.පිරිසිදු වාතය, පිරිසුදු ජලය, හිරුඑළිය අප නිරෝගි කිරීම සඳහා මහත් සෙතක් සලසනු ඇත. ක්‍රමයෙන් මේ සියල්ල විනාශ කරමින් නිරෝගීභාවය අද වෙන විට බෙහෙතකට සීමා කිරීමට තරම් අනුවන වී ඇත.

ළදරු වියේ සිට ක්‍රමයෙන් මහලු විය දක්වා යන ගමනේ දී අකාලයේ රෝගයකින් හෝ හදිසියේ අනතුරකින් මිය නොගියහොත් ක්‍රමයෙන් ඉන්ද්‍රිය දුර්වලතාවයෙන් මහලු වියේ දි මිය යාම ස්වභාවයයි. මෙයින් අපට බුදු දහමේ ත්‍රිලක්ෂණය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සත්වයාත් ලෝකයාත් හිමි පිළිබඳ සත්‍යය ධර්මතාවයයි. එය අපට උරුම දෙයකි. එනමුත් අද අප බොහෝ දියුණුය. සොබාදහමෙන් ඈත් වී ජීවත්වීමට බොහෝ දෙනා වෙර දරයි. එහි මූලික ප්‍රතිඵලය නිරෝගිකම අප අතහැර යාමයි. ජානමය රෝග බෝවන රෝගවලටත් වඩා අද අප පීඩා විඳින්නේ බෝ නොවන රෝගවලිනි.

අප ආහාරවල පි‍්‍රයතාවය, රසය , සුවඳ මේවා වර්ධනය කරගැනීම සඳහා ආහාරයට මිශ්‍රකර ගන්නා රසකාරක, වර්ණකාරක වැනි කෘත්‍රිම දේ අප රෝගාතුර කරයි. එසේම පලාවර්ග ,එළවළු වර්ග, පලතුරු වර්ග, ධාන්‍ය වර්ගවලට යොදන්නා වූ යම් යම් රසායනික ද්‍රව්‍ය නිසා අප රෝගීවීමට බොහෝදුරට ඉඩ ඇත. එනමුත් ආහාර රස, සුවඳ වර්ණවත් කරගැනීම සඳහා මහ පොළොව මත වැවෙන ශරීරයට කිසිසේත්ම අහිතකර නොවන රෝග තත්ත්වයන් මඟ හරවා ගන්නා ආහාර ජීර්ණ හරියාකාරව සිදු කරන මේදය අඩු කරන අන්ත්‍ර මාර්ගයේ තිබෙන්නා වූ රෝග වළක්වන ත්‍රිදෝෂ සාමක ඖෂධ වැනි ආහාර රසවත් කරන දෑ බොහෝ ඇත. පහසුව සහ ලේසිය තකා යොදන්නා වූ කෘත්‍රිම දේ හේතුවෙන් ඔබ රෝගී වීම වළක්වාලීමට අපහසු විය හැක.

ජලය අප නිරෝගි වීමට බොහෝ උපකාර කරයි. එයින් පිරිසුදු ජලය විශේෂයි. ජලය ක්‍රමයෙන් හිඟ වෙමින් හා අපවිත්‍ර වෙමින් පවතී. එයින් අපට බොහෝ රෝග රාශියක් ඇති විය හැක. බොහෝ රෝග සුව වීමේ ශක්තිය ජලයට ඇත. ජලය ඖෂධයක් හා සමානයි. අද ජීවත් වන බොහෝ දෙනකු ජලය පානය කිරීමට මැලිකමක් දක්වයි. බොහෝදුරට හිඟතාවයට වඩා අවිවේකී තාවයට හේතු වේ. එයින් ද බොහෝ දෙනා රෝග වළඳවා ගනී.

වෛද්‍යාචාරිනී,
ගුණවතී එදිරිසිංහ
(ඩී.එස්.ඒ.සී.ගෞරව)

බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල

සටහන හා සාකච්ඡාව
යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.