රෝග සුවයට... දෝෂ ධාතූන්ගේ සමතුලිතභාවය ඇතිකර ගනිමු

මැයි 17, 2019


ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මිනිස් සිරුරක මූලික අංග තුන වනුයේ දෝෂ, ධාතු සහ මළයි. ඒවායෙහි අසමතුලිත වීම නොයෙක් ආකාරයේ රෝග ව්‍යාධි ඇතිවීමට හේතු වේ. ආයුර්වේද න්‍යායට අනුව ප්‍රතිකාරයෙහි අරමුණ ඖෂධ හා පංචකර්ම චිකිත්සා මගින් දෝෂ ධාතුන්ගේ සමතුලිතතාවය ඇතිකර ශරීර සෞඛ්‍යය නැවත ප්‍රකෘති භාවයට පත් කිරීමයි.

මළ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවතට යන අපද්‍රව්‍ය වේ. මළ මගින් ශරීරයේ ඇතැම් දෝෂ තත්වයන් මුලිනුපුටා දැමීම කරයි. ඇතැම් අවස්ථා වලදී ශරීර අභ්‍යන්තරයට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර සහ ආහාර පාලනය යොදා ගනී.

චරක සංහිතා වැනි ග්‍රන්ථවල සඳහන් මළ නැමැති දෝෂය පිට කිරීම මගින් සිදු කරනු ලබන සංශෝධන නැතහොත් ශෝධන කර්ම මගින් සියලු දෝෂ එක්තරා නීත්‍යානුකූල පිට කිරීමකින් ශරීර රෝග තත්ත්වය මුලිනුපුටා දමයි.

එම විශේෂ ක්‍රම පස් වැදෑරුම් වේ. එනම් වමන, විරේචන, වස්ති , නස්‍ය හා රක්තමෝක්ෂණ වේ. මීට වර්ෂ දෙදහස් පන්සියකට පමණ පෙර ලියවුණු චරක සංහිතා , සුශ්‍රැත සංහිතා වැනි ග්‍රන්ථ වල ශෝධන චිකිත්සා නැතහොත් පංචකර්ම චිකිත්සා පිළිබඳව ලිය වී ඇත. එම චිකිත්සා කර්මයෙහි මූලධර්ම සහ එය ප්‍රයෝග කළ හැකි රෝග පිළිබඳව දක්වා ඇත.

ශරීරයට වැළඳෙන තීව්‍ර සහ නිධන්ගත රෝග අතරින් පංචකර්ම චිකිත්සාව බෙහෙවින් යොදනුයේ නිධන්ගත රෝග සඳහා වේ. සුව කිරීමට අපහසු නිධන්ගත රෝග සඳහා දීර්ඝකාලීන සමනය සඳහා පංචකර්ම චිකිත්සාව යොදනු ලැබේ. රෝග මුලිනුපුටා දැමීමේ චිකිත්සාව ලෙසත් ශෝධන චිකිත්සාව හෙවත් පංච කර්මචිකිත්සාව හැඳින්වේ.

ධන්වන්තරී, සුශ්‍රැත, අග්නිවේෂ වැනි අචාර්යවරුන්ගෙන් පැවත ආ පංචකර්ම ඇතුළු ආයුර්වේද චිකිත්සාව හිමාලය ප්‍රදේශය ඇතුළු උතුරු ඉන්දියාව වැනි ප්‍රදේශවල ව්‍යාප්තව තිබුණත් පසු කාලයේදී විදේශ ආක්‍රමණ ඇතුළු නොයෙක් හේතූන් නිසා බොහෝ දුරට අකර්මණ්‍ය වී හෝ විනාශ වී ගියද වාසනාවට මෙන් දකුණු ඉන්දියානු කේරළ ප්‍රදේශයේ ඉතාම හොඳ තත්වයෙන් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූල පංචකර්ම චිකිත්සාව අද උසස් ප්‍රමිතියෙන් ක්‍රියාත්මකව පවතී.

 

හොරණ අරමනාගොල්ලේ ගොරොග්ගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය
ජී.ඩී.බී.පී. මැණිකේ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.