ගර්භණී මවකට උපදෙස්

මැයි 17, 2019


මාතෘ පදවිය තරම් උතුම් පදවියක් ලොව නැති තරම්ය. මාතෘ තත්වයේදී මවකට නිරෝගිමත් හොඳ වර්ධනයක් ඇති දරුවකු මෙලොවට බිහි කිරීමට මවත් , පියාත්, එමෙන්ම ඔවුන් ජීවත්වන අවට පරිසරය ද වැදගත් වන බව නවීන විද්‍යාත්මක මතය වී ඇත.

තවද මෙවැනි තත්ත්වයන්ට ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ සෑම මවක්ම, සෑම පියෙක්ම සාක්ෂරතාවයෙන් අඩු පිරිසක් වීමයි. එමෙන්ම අපි මේ ලොවට බිහිකරන දරුවා රටේ සංවර්ධනයට පලදායි මෙන්ම තම පවුලේ අභිවෘද්ධියට හේතු වන හොඳ පුරවැසියකු විය යුතුයි. මොවුන් රටේ සංවර්ධනයට හේතුවන සම්පතකි.

ගර්භණී මවකට ළදරුවා කුස තුළ පිළිසිඳ ගත් අවස්ථාවේ සිට අත්‍යවශ්‍ය කරුණු කාරණා බොහෝ වේ. ගර්භණී මවකට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මෙන්ම අංග සම්පූර්ණ ආහාරය උදේ සවස රාත්‍රී මවකට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වේ. තවද මවකට ශාරිරික සෞඛ්‍ය ඉතා හොඳ තත්ත්වයේ පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි.

පිරිසුදු ඇඳුම් පැළඳුම් මෙන්ම තමා ජීවත්වන පරිසරය රමණීය හොඳ පරිසරයක් වූ තරමට ගර්භණී මවකගේ මානසික සුවය ඉතාමත්ම සුවදායක තත්වයෙන් තිබිය යුතු වේ. මාතෘත්වයේදී මවගේ මානසික සතුට සැනසුම උපදින ළමයාගේ යහපතට හේතු වේ.

ගර්භණි මවක් මානසික ආතතියෙන් මානසික පීඩනයෙන් අවපාතයෙන් පෙළෙන්නේනම් උපදින දරුවාට හෙවත් ළදරු කලලය මෙම තත්ව බලපාමින් එම උපදින දරුවාගේ මානසික මට්ටම්වල වෙනස් ඇති කෙරේ.

ගර්භණී මවක් අනිවාර්යෙන්ම ලබාගත යුතු උපදෙස් සහ සේවාවන්

1.වෛද්‍ය උපදේශනය සහ වෛද්‍ය පරික්ෂණය සති 2 ට වරක් සායනයට ගොස් එම සේවාවන් ලබා ගැනීම බොහෝ වැදගත් වේ.

මවටඅවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක පරික්ෂා –

රුධිර පීඩනය – හිමොග්ලොබින් පරික්ෂාව –

හදවත් රෝග – දියවැඩියාව , හිමොග්ලොබින් පරික්ෂාව

සමාජ රෝග තත්ව – තැලිසීමියා රෝග තත්ව

මවක් වෙනත් බෝවන රෝග තත්ත්වයකින් පෙළේද? මේ සියල්ල මූලික රෝහලක වෛද්‍ය පරික්ෂණයකින් ලබාගත හැකිය.

 

වෛද්‍ය
බර්ටි උබේසිරි නාරායන
සෙත්සිරි වෙද ගෙදර
බෙලිදෙණිය කෝට්ටගොඩ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.