ඇදුම, පීනස ගැස්ට්‍රයිටීස් හා අතරයිටීස්

මැයි 24, 2019

බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙදමැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්.පී. රාජපුර

වර්තමාන සමාජයේ බෙහෙවින්ම ව්‍යාප්ත වී පවතින රෝගයක් ලෙස ඇදුම රෝගය හැඳින්විය හැකිය. ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතියට අයත් නාසය, නාකුහරය , ශ්වසනාලය, අනු ශ්වාසනාලිකා, පෙණහලු කුහර යන පෙනහලු ගර්ත ආදි කොටස් මෙම රෝගයේදී පීඩනයට පත්වෙයි.

එමෙන්ම ඇදුම රෝගයේදී ශ්වාසනාල පටුවීම, පෙණහලු තුළ පවතින සෙම හිරවීම් ආදීන් නිසා හුස්ම පිටකිරීමට හා ගැනීමට අපහසු වේ. ඇදුම රෝගයේදී ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහක් ඇත. එනම් ශුද්දාශ්වාසය, මහාශ්වාසය, චින්තප්ශ්වාසය, උර්වද් ශ්වාසය හා තමකශ්වාසයයි. මේ අතරින් අද සමාජයේ බොහෝ දෙනෙකුට පවතින්නේ තමකශ්වාසයයි. තමක යනු රාත්‍රී කාලයේදී වැඩිපුරම රෝග වේදනාව ඇතිවන හෙයින් මෙම නමපට බැඳී ඇත.

ඇදුම

ඇදීම ස්වාකය මුහරෝගය , හතිය සහ සමකත්ශ්වාසය යන නම්වලින්ද ඇදුම රෝගය හඳුන්වති. වර්තමාන සමාජයේ භීතිකාවක් බවට ඇදුම රෝගය පත්ව ඇත. ඇතැම් අය ඇදුම රෝගය යන නම ඇසීමට පවා අකමැත්තක් දක්වන අතර ඇදුම රෝගයෙන් තමා පෙළෙන බව පවා පිළිගැනීමට ද අකමැතිය. ඇදුම රෝගය යනු පරම්පරාවෙන් පැවැත එන රෝගයකි. තාත්තාගෙන් පුතාටත්, පුතාගෙන් මුණුපුරාටත් ආදි වශයෙන් රෝගය පරම්පරාගත විය හැකිය. එහෙත් ඇතැම් විට ප්‍රකෘති තත්වය මත පරම්පරාවෙන් පරම්පරාවට රෝගය බෝ නොවිය හැකිය. ඇදුම රෝගය වැලඳීමට හේතු රාශියක්ම බලපා ඇත. දුම්,දූවිලි සහිත ස්ථානයක රැකියාව කිරීම, වායුසමීකරණය කළ කාමරවල සිටීම. ලී මෝල්, ගල් මෝල් , කොහුමෝල් තුළ සේවය කිරීම, රට හුණු කුඩු, බළලුන් බල්ලන් , කුරුල්ලන්, ලේනුන් ආදීන්ගේ ලොම් ආග්‍රහනය වීම, මල් පරාග ඉරීම, පිළිනුවූ ආහාර ගැනීම, වැස්සට පින්නට අසුවීම,අධික දුම්පානය මත්පැන් පානයද රෝගයට හේතු වේ.

ඇදුම රෝගය බෙහෙවින්ම වැලඳීමට හේතුවූ කරුණක් ලෙස දැනට වාර්තා අනුව සඳහන් කළ හැකි ප්‍රබල කරුණකි රථවාහනවලින් පිටකරනු ලබන අධික දුම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිසා සෑම වසරකම ලොව පුරා ජීවත්වන ජනතාවගෙන් විශාල පිරිසක් දූෂිත වායුව හුස්ම ගැනීමෙන් ඇදුම රෝගය වැලඳී ප්‍රතිකාර ලබන බව හුස්ම ගැනීමට සහ පිටකිරීමට අපහසුවීම පපුවේ රුම් රුම් ගාන ශබ්දයක් පිටවීම පූසකුගේ ශබ්දයට සමාන ශබ්දයක් පිටවීම, රාත්‍රී කාලයේදී එම ශබ්දය වැඩියෙන් ඇසීම, නිරන්තරයෙන්ම පවතින කැස්ස, රාත්‍රියට කැස්ස වැඩිවීම, වියලීගිය කැස්ස මෙන්ම සෙම්කැස්ස ද ඇතිවේ. කැස්ස නිසා උකුවූ සෙම් ගුලියක් කැඩී පිටවේ. අධිකව කිවිසුම් යෑමක්ද ඇතිවේ. ඇදුම වැඩි වූ විට මුඛයෙන් හුස්ම ගැනීම, තොලකට උගුර වියලී යෑම, නොරිසුම් ගතියක්ද ඇතිවේ. ඒ ඇදුම රෝගයේ ලක්ෂණ කීපයකි.

ඇදුම රෝගය සුවකළ නොහැකි බවට සමහර වෛද්‍ය ක්‍රම මගින් පෙන්වා ඇතත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළින් ඇදුම රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකිය. අප ප්‍රතිකාර ලබා දෙන විට රෝගියාට කෂාය, අරිෂ්ට , ආසවවර්ග භාවිතා නොකරන අතර සුළු ප්‍රතිකාර ක්‍රමයකින් රෝගය සුව කෙරේ. ප්‍රතිකාර ගන්නා අතර උදේට හෝ සවස නෑම, සව්, බාර්ලි, තැඹිලි, ලබා නොදීම මස්, මාළු, බිත්තර , කරවල, තෙල් බැදුම් නොදීම අන්නාසි, තක්කාලි , මුරුංගා , සැමන්, දෙල් , දිවුල්, ඇඹරැල්ලා, වැනි දේවල් නොදීම, උෂ්ණ ආහාරවලින් වැළකී සිටීම මෙන්ම මත්පැන්, දුම්වැටි, පානයද නතර කළ යුතුය. ප්‍රතිකාර ලබන කාලයේදී ප්‍රවේශමත් සැළකිළිමත්භාවයත්, පැවැත්මත් ඇතොත් රෝගය කල් නොයවා සුවපත් කළ හැකිය.

 

සටහන
එස්.එස්.එස්. ප්‍රනාන්දු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.