දේශීය වෙදකමෙහි විශේෂි වූ කැඩුම් බිඳුම් වෙදකම නොහොත් භග්න චිකිත්සාව

මැයි 31, 2019


අප රටට ආවේණික වූ අපගේ පාරම්පරික වෙදකම අතර දේශීය කැඩුම් බිඳුම් වෙදකමට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එය පෙර අපර විද්වතුන් පවා පිළිගන්නා වූ සත්‍යයකි.

රාවණ යුගයේ සිට හස්තසාර ව පැවති ඒ දේශීය වෙදකම විදේශීය ආක්‍රමණයට යටත් වූ තැන් සිට ක්‍රමයෙන් පිරිහීමට පත් වුවද මෙය රැක ගැනීමට උත්සාහ කරන දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් කොටසක් මෙන් ම මෙය විශ්වාස කරන දෑහිතකාමී කොටසක්ද රට තුළ සිටින නිසා තවමත් මෙය සුවිශේෂී ව රැක ගැනීමට අපට හැකිවීම දේශීය වෛද්‍යවරුන් හැටියට මහත් ආඩම්බරයකි.

දුර අතීතයේ අද මෙන් රිය අනතුරු නොතිබුණද ගස්වලින් වැටීම නිසා සුෂුම්නාවට (එඑඹඹඹඹඹඹකොඳු ඇට පෙළට) හානි වීම නිතර සිදුවිනි. එනමුත් ඒ සඳහා අප කිසිවකුත් දුර බැහැර නොගොස් ගමේ කැඩුම් බිදුම් වෙද මහතාගෙන් ප්‍රතිකාර ගෙන සුව වී ඇත. ඒ සඳහා විශේෂ ඔසු සොයා නොගියේය. තම ගෙවත්තේ වැවෙන ඔසු භාවිතා කරගෙන ඇති බව අප දන්නා කරුණකි. එය ක්‍රමවත්ව සිදු කිරීමෙන් කිසිත් අතුරු උපද්‍රවයක් නොමැතිව නිසි ආකාරව සුවය ලැබිණි.එය අද ද අපට කළ හැක.

මේ සියලු ඔසු අප සතුව ඇත .එය ආරක්ෂා කර මතු පරපුරට දායාද කරදීම ඔබේත් මගේත් යුතුකමකයි. එම ඔසු වර්ග රාශියක් අපට වගා කරගත හැක. එමගින් ඔබටත් ,අන් අයටත් මෙම ඔසු ප්‍රයෝජනවත් විය හැක.

අස්ථි පිපිරීමකට වුවත් යොදා ගන්නා ඔසු ඔබගේ ගෙවත්තේම වගාකර ගත හැක. තව ද මේවායේ විශේෂත්වය වනුයේ මේ සමහර ඔසු ආහාරයට යොදා ගැනීම මෙන්ම වැලඳිය හැකි නානාවිධ රෝග වලින් වැළකී සිටීමට හැකි වීමයි. ශල්‍ය ,ශාලාඛ්‍ය, කෞමාර ගුප්ත, රසායන, වාජීකරණ,කාය චිකිත්සා, භූත විද්‍යා, අගද වශයෙන් ආයුර්වේදය අංග අටකින් සමන්විතය. මෙයින් ප්‍රථම අංගය වන ශල්‍ය චිකිත්සා ගණයට භග්න චිකිත්සාව අයත් වේ. සිරුර , හිස, කඳ, ගාත්‍රා යනුවෙන් කොටස් තුනකට බෙදිය හැක.

අපේ මේ සිරුරද ලෝකයේ ඇති සියලු ජීවි අජීවි වස්තු මෙන්ම ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ,ආකාශ යන පංච භූතයන්ගේ සංකලනයේ නිර්මාණයක් වී ඇති අතර කෙස්, ලොම් නිය,දත්,සම, නහර, ඇට, ඇටමිදුළු යන මේ සියලු දේ ඒ අතර ඇත. මේ සියල්ල ක්‍රමවත්ව හැඩ ගැසී ඇත්තේ අස්ථි පද්ධතිය මගිනි. එසේම ජීවිත ආරක්ෂක ඉන්ද්‍රිය පද්ධතිය ඉතාම ක්‍රමවත් ව ආරක්ෂා කර ඇත්තේද, මෙම අස්ථී පද්ධතිය මගිනි. කැඩුම් බිඳුම් වෙදකමේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන්නේ අප සිරුරේ ජීවිත ආරක්ෂක ඉන්ද්‍රියන් ආරක්ෂා කරමින් සිරුර දරා සිටින අස්ථි පද්ධතියට වන හානියයි. එමෙන්ම මාංශ පේශි, ස්නායු තන්තු. බන්ධනී. හානි වු විට කරන ප්‍රතිකාර. ද භග්න චිකිත්සාවට අයත්ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍යාචාරිනී
ගුණවතී එදිරිසිංහ
(ඩී.එස්.ඒ.සී. ගෞරව)
බෙහෙත් ශාලාව
මැදගොඩ අමිතිරිගල

 

සටහන් හා සාකච්ඡාව
යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.