ශලනිට නැති දේ පෙනෙන්නට ගත්තේ ඇයි?

ජුනි 7, 2019


ශලනිගේ හදවත ගොළුවෙලා, දෙසවන් බිහිරි වෙලා වගෙයි. මෙතෙක් තමන්ගේ පිහිටට සැරයටිය මෙන් සිටි මව අහිමි වීම ඇයට කොහෙත්ම දරාගත නොහැකිය.

ඇය හැම සැප සාත්තුවක්ම කළේ සෙවණැල්ලක් මෙන් හෝ මව ජීවත් වී සිටීම ඇයට තමන්ගේ ජීවත්වීම හා සමානවම වැදගත් වූ නිසයි. එහෙත් දැන් ඇය හුදෙකලා වී ඇත. වයස අවුරුදු හතළිස් හතක් වනතුරුම ශලනිට ගැළපෙන සහකරුවකු සොයා දීමට කිසිවකුට නොහැකි විය. ඇයගේ සොයුරු සොයුරියන් සියලු දෙනාම දැන් විවාහ වී දරුවන් ද ලබා සිටිති.

මව සිටියදී නෑයන්ගේ නිවෙස්වලට ගිය ශලනි දැන් නිවෙසින් පිටතට අඩියක් තැබීමටවත් කැමැති නැත. නෑයන් නිවෙසට පැමිණියත් ඇය ඔවුනට පල නොකියා පලා බෙදුවාය. සොයුරු සොයුරියන් නෑයන් සියල්ලන්ටම ශලනි වෙනස් වී ඇති බව වැටහෙන්නට වැඩි කාලයක් ගත වුණේ නැත. හොස්ස ළඟින් මැස්සෙකුටවත් යා නොහැකි තරමට ඇය කෝපයෙන් දැවුණාය. මව මිය ගියේ දේපළ බෙදා දී නොවෙන නිසා ශලනිගේ සිතේ තිගැස්මක් නොතිබුණාම නොවෙයි. සොයුරු සොයුරියන් දේපළ ගැන කථා කරද්දී ශලනි වඩාත් නොරිස්සුම් සහගත ලෙස හැසිරුණාය.

ඇය සහෝදර සහෝදරියන්ට එකිනෙකාගේ වැරැදි පැවසුවාය. ඒවා විශ්වාස කර ඔවුනොවුන් දබර වෙනවා දැක සතුටු වූවාය. දිනක් ශලනි කාමරයේ ජනේල පුරාම පත්තර කඩදාසි අලවා තිබෙනු දැක නිවෙසට පැමිණි සොයුරියක පුදුමයට පත් වූවාය. එසේ ඇලවීමට හේතුව විමසූ විට දුන් පිළිතුර ඇයට අදහා ගත නොහැකි විය. ජනේලයෙන් එන හිරු කිරණවල විසක් තියෙනවා. ඒ විසෙන් මගේ ඇඟම රිදෙනවා. ඇඟ ඇතුළට ආලෝකය ගිහින් බඩවැල් පුපුරලා එළියට එනවා’. ඒ ශලනි තම සොයුරියට දුන් පිළිතුරයි.

සොයුරිය ඊළඟට පුුදුම වූයේ කාමරයේ මුලු හාරා ඇති අන්දම දැකීමෙනි. මුලු හතරම සවි ශක්තිය ඇති පිරිමියකු මෙන් කවුරුදෝ හාරා තිබිණි. ‘ඇයි මේ? කවුද මුල්ලවල් හෑරුවේ?’ ‘මං තමයි. මේ මුලුවල මළ ගිය ප්‍රාණකාරයෝ ඉන්නවා. ඒ අයව හාරලා එළියට ගත්තා.’

සොයුරියට සිතුණේ මවගේ ආත්මය ශලනිට බලපෑම් කරනවා කියාය. තනිවම නොසිට ශලනි තමන්ගේ නිවෙසට එන ලෙසට ඇය පැවසුවත් ශලනි තරයේම එය ප්‍රතික්ෂේප කළාය.

ඊළඟ දිනයේ සොයුරිය ශලනි බැලීමට පැමිණියේ තවත් සොයුරියක සමඟයි. පත්තරවලින් ජනේල වැසීම, ගුල් හෑරීමට අමතරව ශලනිගේ තවත් වෙනස්කමක් ඔවුන්ට දැකගත හැකි විය. ඇය එදින නිවෙසේ සිටියේත් තොප්පියක් පැලඳගෙනය. ඇයට සිතෙන දේ දැනගැනීමට අවට කණ්ඩායමක් බලා සිටින බව ශලනි පැවසීය. තොප්පිය දැමූ විට ඒ කණ්ඩායමට තමන්ගේ සිතිවිලි ගැන දැනගන්නට නොහැකි බව ඇය කියා සිටියාය. ශලනිගේ සිත් පෙරළියට හේතුව මවගේ ආත්මය කියා අක්කා නගෝ තරයේම විශ්වාස කළහ. පවුලේ සියල්ලන් සමඟ කථාබස් කර ශලනිට ශාන්ති කර්මයක් කරන ලදී.

ගත වූයේ සති කීපයකි. ඊළඟට ඔවුනට ශලනි සොයා යාමට සිදු වූයේ පොලීසියටයි. අවට නිවෙස්වලට ගල් ගැසීමට චෝදනා ලැබ ශලනි පොලීසියට ගෙන ගොස් තිබිණි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති

සටහන
චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.