සොබාදහමේ අපූරු දායාද අපි රැක ගන්නවාද?

ජුනි 21, 2019

සොභාදහමේ චමත්කාරයත් අසිරිමත් බවත් නිසි අයුරින් සුරැකීමෙන් අපට ආහාර ඖෂධ මෙන්ම ජලය හා වාතය ද සැපයීම හා එය ආරක්ෂා කරමින් ගහකොළ කරන්නාවූ කාර්ය විශ්මයජනකය.

ඔබට අද මෙය නොදැනුන ද හරිත ශාක මේ මහ පොළොව මතින් තුරන් වුවහොත් එය ඔබට වැටහේ. මෙලොව ඔබ කරන්නා වූ පුණ්‍ය කර්ම අතරින් ගහකොළ වැවීම හා ආරක්ෂා කරගැනීම පුණ්‍ය කර්මයකි.

එනිසා ඔබ මහපොළොව මත වැඩෙන හරිත ශාක ආරක්ෂා කර මතු පරපුරට ඒවායේ වටිනාකම කියා දීම ඔබේ යුතුකම විය යුතුය. අප ජීවත්වන මේ මහ පොළොව රැක දෙන්නාවූ ගහකොළ තුළ සිදුවන්නා වූ දෑ තාක්ෂණික දැනුම තුළින්වත් සොයාගත නොහැක. ගහ කොළ ද අප මෙන්ම ආහාර ජලය ලබා ගනී. එසේම තම වර්ගයා බෝ කර ගනියි. මේ සියල්ල තුළින් පරිසරය ද රැක ගනියි. කිසිදු ගෙවීමකින් තොරව හිරුඑළිය වාතය සහ මේ මහ පොළොව සමඟ එක්වී මේ මහඟු කාර්යය මනාව ඉෂ්ට කරයි. සෑම ජීවියකු මේ තුළ සතුටින් දිවි ගෙවයි. එනමුත් නාගරීකරණය වීමත් සමඟ සොබාදහමේ අසිරිමත් භාවය රැක දුන් ගහ කොළ විනාශවෙමින් විනාශකරමින් සොබාදහමේ මේ විනාශ වීම අපට මහත් දුකකි.

මේ ශාක අතර පවත්නා වූ කුඩා ශාක තුළින් අපට මහත් විශාල සේවයක් ඉටුකරන අවස්ථා ඇත. මෙය අප දන්නා සාමාන්‍ය කරුණකි. ඊට අමතරව මේ සියලු ශාක සතු විශේෂ ගුණාංග රාශියක් ඇත. ඒ පිළිබඳ ඔබ තවමත් නොදන්නවා විය හැක. ඔබ පයට පෑගෙන උඳුපියලිය, ගොටුකොළ වැනි කුඩා ශාක තුළ පවා විශාල ඖෂධීය බලයක් ගැබ්ව ඇත.

අප එය ප්‍රයෝජනයට ගෙන නිරෝගී වීම වටිනා කරුණකි. එයින් මේ පරිසරයට මෙන්ම ඔබටද සෙතක් සැලසෙනු ඇත. අප සැමගේම වත්තේ කිසිදු රසායනික ද්‍රව්‍යකින් තොරව ඉතා හොඳින් වැඩෙන පැළෑටියක් වන ගොටුකොළ ශාකයේ අති විශාල ඖෂධීය ගුණයක් ඇත. මෙය ත්‍රිදෝෂ සාමකය, තිත්ත සහ කසට රස, ශීත මධුර විපාක, සෙම් පිත් සාමක ගුණයක් ඇත.

එසේම අභ්‍යන්තර නාඩි ව්‍යුහය ක්‍රියාත්මක කරමින් නුවණ ස්මරන ශක්තිය වැඩීමට බොහෝ උපකාර කරන ස්මරන ශක්තිය දියුණු කරන බඩගින්න වඩවන ශරීර ශක්තිය මෙන්ම කිරිදෙන මව්වරුන්ට විශේෂ ගුණ ඇති රක්තහීනතාවයෙන් පෙළෙන අයට ඉතාම අගනා ඖෂධයකි. ආහාරයකි. මීමැස්මොරය ආතතිය වැනි සියලු රෝග සඳහා මේ කුඩා පැළෑටිය භාවිතයෙන් ඔබට මහත් සෙතක් සලසාගත හැක. එමෙන්ම විටමින් ඌණතා රෝග සඳහාද මෙය බහුලව භාවිතා කළ හැක. දේශීය වෙදකමේදී මේ ඖෂධය බොහෝ ඖෂධ සඳහා යොදනු ලැබේ. චූර්ණ වර්ග රසායනික වර්ග තෛල වර්ග මෙන්ම දේශීය වෙදකමේ විශේෂයෙන්ම ධාරණ ශක්තිය බුද්ධිය වර්ධනය කරන සිද්ධජීවමෘත වැනි ඖෂධවල මේ ගොටුකොළ අඩංගු වී ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍යාචාරිනී
ගුණවතී එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.