පිත, වාතය හදවත් රෝගවලට හේතු වෙනවා

ජූලි 12, 2019

හදවත හැඩයෙන් නෙළුම් පොහොට්ටුවක් බඳුය. අපේ ජීවිතය එක් දවසකින් තවත් දවසකට පුබුදු වන්නේ හදවතයි. සියලු හැඟීම්වල තෝතැන්න ද, ජීවිතය අවසානය දක්වා පවත්වාගෙන යන්නේ ද හදවතේ බලමහිමයෙනි.

වසර පන් දහසකට පෙර සිට පැවත එන ආයුර්වේදයේ අපේ හදවත සුරකින ක්‍රමවේදයන් රැසක් අඩංගුය.

වාත දෝෂය පවතින අය උපතින්ම හෘද රෝග අවදානම වැඩි අයය. අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අසාමාන්‍ය හද ගැස්ම, හෘද මාංසපේශි දුබල වීම මේ අය මුහුණ දෙන ගැටලුය. මෙවැනි අයට අධික විඩාව, කාංසාව, ආතතිය පමණට වැඩි කාර්යභාරය, අඩු නින්ද ප්‍රධාන වශයෙන් හදවත් රෝගවල හේතු වෙයි.

අහිතකර ආහාර රටාවෙන් සම්පූර්ණයෙන් අත් මිදෙන්න. ස්වභාවයෙන් වියළි ආහාර වාතය කුපිත කරයි. එනිසා එවැනි ආහාරවලින් අත් මිදිය යුතුය. විශේෂයෙන්ම පොත්ත රහිත පිටි ආහාර ගැනීමෙන් වළකින්න.

ආහාර වේල් මඟ නොහරින්න. එයින් වාතය අසමතුලිත වීම වැඩි වෙයි. උළුහාල්, කුරුඳු, අබ, සූදුරු වැනි කුළු බඩු එක්කර ගැනීම තුන් දොසම සමබල කිරීමට උපකාරී වෙයි.

සුදුලුනු ද වාතය සමනය කරන නිසා ආහාරයට එක්කර ගන්න. ආතතිය සහ කාංසාව අවම කර හදවත් රෝග සෑදීමේ අවදානම අඩු කර ගැනීමට අශ්වගන්ධ කුඩු ග්‍රෑම් 3 ක් දිනපතා කිරි සමඟ ගන්න.

වාතය ළඟට හෘද රෝග ඉහළ නංවන ඊළඟ දෝෂය පිත. ප්‍රදාහයන් ඇතිව හෝ නැතිව හෘද මාංසපේශින් ඉදිමීමේ ඉඩක් පිත අසමබල වූ විට පවතී. බොහෝ විට පිත කුපිත වුවන් හෘද රෝගවලට ගොදුරු වන්නේ අක්මා අක්‍රමිකතා හෝ සිරුරේ උෂ්ණත්වය අධික වූ විටයි.

මේ අය බැදපු කුළුබඩු යෙදූ ආහාරවලින් ඈත් විය යුතුය. එවැනි ආහාරවලින් හදවතේ ප්‍රදාහයන් වැඩි වෙයි. ඇඹුල් සහ ලුණු සහිත අච්චාරු වැනි ආහාර ද මේ අයට සුදුසු නැත.

තේ, කෝපි, මත් වතුර ද ශරීර

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඉන්දියානු ආයුර්වේද
උපදෙස් ඇසුරිනි

- චම්පිකා දීපානි රණසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.