දිගු ආයුෂ විඳින්න හොඳම උපදෙස්

ජූලි 12, 2019

හරිහැටි කෑමක් බීමක් ,අඳින්නට වස්ත්‍රයක් ,නොතෙමී ඉන්නට නිවහනක් පවා නොමැතිව ඉබාගාතේ ඇවිදින යාචකයෙකුට පවා ජීවත්වීමේ ආශාව පවතී. කා තුළත් ඇති ලොකුම බලාපොරොත්තුව හැකිතාක් උපරිම කාලයක් ජීවත්වීමයි.

ජීවත්වීමේ ආශාව මිනිසාට පමණක් නොව මෙලොව උපන් සෑම සත්වයෙකුටම පොදු වූ ලෞකික ධර්මතාවයකි. වන සතුන් පවා ආහාර සොයා යන්නේත්, ගැනීමට සුදුසු ආරක්ෂා සහිත ස්ථාන සොයායන්නේත්, තවත් කලක් ජීවත්වීමේ ආශාව නිසාමය.

නොමැරී හැමදාම ජීවත් වෙන්න ඇත්නම්,

බොහෝ කලක් ජීවත්වීමේ ආශාව ඔස්සේ ගවේෂණයන්හි යෙදුණු මිනිසා වෛද්‍ය ශාස්ත්‍රය සොයා ගත්තේ ය. එදා සිට අද දක්වාම මිනිසා දිගුකල් ජීවත්වීමේ අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් දැඩි ප්‍රයත්නයක යෙදී සිටියි.

වර්තමානයේ අකාලයේ මියයෑමට ලක්වන මිනිස් ජීවිත තවත් දවසක් හෝ ජීවත් කරවීම සඳහා මිනිසා යෙදෙන්නේ විශාල උත්සාහයකය. සෞඛ්‍ය සේවාවන් ඒ වෙනුවෙන් විවිධාකාරයෙන් ඇපකැප වෙයි. තවත් කෙනෙකුට “දීර්ඝායුෂ පැතීම” උසස්ම මානුෂීය ගුණාංගයකි. හිතවතෙකු හමුවූ විට “ආයුබෝවන්” කීමෙන්” “ආයුෂ වැඩිවේවා” (ආයු බොහෝ වේවා) යන සුබ පැතුම තුළින් සුබපතන්නාගේත්, සුබ පැතුම ලබන්නාගේත් සිත් තුළ විශාල ආශිර්වාදයක් දෝංකාර දී නැඟෙයි.

අපේ ගම්වල අතීතයේ සිදුකළ සෙත් ශාන්ති, තොවිල්, පවිල් ආදියේදී ආතුරයාට ආයුබෝ වේවා යනුවෙන් ආ වැඩීමෙන් සිදුවන්නේ ද ඉහත තත්ත්වයමයි. මිනිසා පමණක් නොව සකල ලෝවාසි සත්වයන්ම ජීවත්වීමට ආශාව දක්වයි.

කිසියම් අයෙකු විසින් කෙනෙකුගේ එකී ජීවත්වීමේ ආශාව “නැති කළහොත්” ඔහුට හෝ ඇයට “මරණීය දණ්ඩනය” නියම කිරීමට තරම් “නීතිරීති” පනවා ඇත්තේ ජීවත්වීමේ අයිතිය අතිශය උතුම් හා සාධාරණ මානව හැඟීමක් වන නිසාමය. බෙහෙවින්ම නවීකරණය වූ වර්තමාන සමාජීය, ආර්ථික හා පාරිසරික තත්ත්වයන් තුළ දිගු ආයුෂ විඳීමට ඇති බාධා බොහෝය. එහි බාධා අදම හඳුනාගෙන ජයගත යුතුය. පහත උපදෙස් ඒ සඳහා ඔබට අත්වැලක් වනු නිසැකය.

සිහින් සිරුර

තරබාරු සිරුරක් හිමි අය දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා ආදියට බහුලව ගොදුරු වේ. මේ අනුව තරබාරුකම තුළින් ඇතිවන සිරුරේ අමතර බර ඔබේ ආයුෂවලින් වසර ගණනක් ඔබට අහිමිකරයි. යොවුන් වියේ සිටම සිහින් සිරුරක් පවත්වාගෙන යාමට ව්‍යායාම හා ආහාර පාලනය ඉතාම වැදගත්ය.

හිතකර ආහාර පුරුදු

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රඹුක්කන
කීර්ති එස්. කුමාර

උපදෙස්
වල්ගම ආයුර්වේද රජයේ රෝහලේ

වෛද්‍ය
ධම්මිකා අමරසේකර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.