අක්මා රෝග

ජූලි 19, 2019

වර්තමාන සමාජයේ බෝ නොවන රෝග බහුල බව නොරහසකි. දියවැඩියාව, කොලොස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග අතරට මෑතකදී එක් වූ අක්මා රෝග සඳහා දැන් වැඩි අවධානයක් යොමු වී ඇත.

මෙම අක්මාව ආශි‍්‍රත රෝග බහුලවීමට හේතු ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීම අධික මධ්‍යසාර භාවිතය, හෙපටයිටිස් බී, සී ආසාදන වැනි තත්ත්ව, වැරැදි ජීවන රටාව වැනි කරුණු පෙන්වා දිය හැකි ය.

මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වශයෙන් සැළකෙන අක්මාව බරින් කිලෝ ග්‍රෑම් 1.2 ත් 1.5 ත් අතර අගයක් ගන්නා අතර ශරීරයේ උදර කුහරයේ ඉහළ ප්‍රදේශයේ පිහිටා ඇත.අක්මාව, ඛණ්ඩිකා, අනු ඛණ්ඩිකා, අන්තර් අනු ඛණ්ඩිකා වලින් සමන්විත වී ඇත. අනුඛණ්ඩිකා මධ්‍යයේ ඇති ශිරාව, අන්තර් අනු ඛණ්ඩිකා ශිරා ලෙසද ග්ලයිඩින් ප්‍රාචාර තුළ ඇති ධමනි, අන්තර් අනු ඛණ්ඩිකා ධමනි ලෙසද හැඳින්වේ.

අක්මාවෙන් සිදුවන ප්‍රධාන කාර්යයක් ලෙස ‘පිත’ නිපදවීම දැක්විය හැකි අතර ඊට අමතරව කොලොස්ටරෝල් නිපදවීම, ප්ලස්මාවේ ප්‍රෝටීන් නිපදවීම යූරියා නිපදවීම ග්ලයිකොජන් හා මේදය තැන්පත් කිරීම, රුධිරය කැටි කරන සාධකය එනම්, ෆයිබ්‍රිනෝජන්, තොම්බ්‍රින් නිපදවීම විටමින් බී 12 ගබඩා කිරීම, කල් ඉකුත්වු රතු රුධිරානු සෛල විනාශ කිරීම, රුධිරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කිරීම, විෂ හරණය, දෙන උෂ්ණත්වය පවත්වාගැනීම, රුධිරයේ ග්ලුකෝස් මට්ටම අඩු වූ විට ග්ලයිනෝජන් හා මේදය නැවත ග්ලුකෝස් බවට හැරවීම ඇතුළු තවත් විශාල කාර්යයන් ගණනාවක් සඳහන් කළ හැකි ය.

අක්මාව ආශි‍්‍රතව සෑදෙන රෝග ලෙස ‘සිරෝසිස්’ ෆැට් ලිවර්, නන් ඇල්කොහොලික් ෆැටි ලිවර්, හෙපටයිටිස් ඒ, බී.සී.ඩී. දැක්විය හැකි ය. ඇස් කහ පැහැවීම, වමනය, කෑම අරුචිය, උණ, ඉන්ද්‍රිය ආශි‍්‍රත ප්‍රදේශයේ වේදනාවක් දැනීම, වළලුකර ආශි‍්‍රත ප්‍රදේශ ඉදිමුම, උදරය පිම්බීම, මුහුණු පඬුවන් පැහැ ගැනීම, වමනය සමඟ ලේ කැටි පිටවීම, සිරුරේ සම තැනින් තැන කැසීම, සමේ රතු පැල්ලම් ඇතිවීම වැනි රෝග ලක්ෂණ අක්මා ආසාදනයක රෝග ලක්ෂණ ලෙස දැක්විය හැකි ය.

ඉහත රෝග ලක්ෂණවලින් සමහරක් වෙනත් රෝගයක ලක්ෂණ වීමේ ඉඩ කඩද තිබිය හැකි බැවින් හා සමහර රෝග ලක්ෂණ රෝගයේ අසාධ්‍ය තත්ත්වය පෙන්නුම් කළ හැකි හෙයින් වහාම දක්ෂ වෛද්‍යවරයකු වෙත යොමු වී පරීක්ෂා කර ගැනීම කළ යුතු ය.

ඉහත රෝග ලක්ෂණවලට අමතරව ස්ත්‍රියක් නම් හෝමෝන නිපදවීම අඩාල වීම හේතුවෙන් වැඩියෙන් චක්‍රය නැවතීම, පුරුෂයෙක් නම් ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි ස්‍රාවය වීම හේතුවෙන් පුරුෂ ලක්ෂණ අඩුවී ස්ත්‍රී ලක්ෂණ මතුවීමද, මුහුණ ඉදිමීම, වෘෂණ කෝෂ කුඩාවීම, ලිංගාශි‍්‍රත ප්‍රදේශයන්හි රෝම හැලීමත් සිදුවිය හැකි ය. එමෙන්ම ඉහත රෝග ලක්ෂණ නොපෙන්වුවද සමහරවිට මෙම රෝග තත්ත්වය තිබිය හැකි වීම මෙහි ඇති භයානක ස්වභාවයයි.

අක්මාවට වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන ගණයේ ලා සැලකිය හැකි රෝගයක් ලෙස සිරෝසිස් හැඳින්විය හැකි ය. මෙම රෝගය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වන්නේ අධික මධ්‍යසාර භාවිතයයි මීට අමතරව අක්මාවේ යකඩ තැන්පත්වීම නිසාද සිරෝසිස් රෝගය වැලඳීමේ අවධානමක් ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය
ප්‍රදීප් රණවීර
(සර්වාංග) මනෝචිකිත්සික, ස්වාපනවේදී
ඡ්‍යොතිර්වේදී, චීනකටු චිකිත්සක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.