ස්නායු ශක්තිමත් කරන ශරීර ශක්තිය වැඩි කරන කටු අනෝදා

අගෝස්තු 2, 2019

අනෝදා මල් සහ කොළ අඹරා ආලේප කිරීමෙන් සිරුරේ හටගන්නා විෂගෙඩි සැරව ගෙඩි හා ලේ ගෙඩිවලට විශේෂ සුවයක් ලබාදෙයි. මනා ජලවහනයක් සහිත පුළුල් පාංශු පරාශයක් තිබෙන කොටසක අනෝදා වගා කළ හැකි ය.

අතිබලා මහාබලා යනුවෙන් හඳුන්වනු ලබන අනෝදාවල ප්‍රෝටීන මේද කාබෝහයිඩේට්, කැල්සියම්, යකඩ හා විටමින් ද අඩංගුව පවතී. විශේෂයෙන් පිත් රෝග වලට හා ආමාශයේ රෝග සඳහා නියම කරනු ලබන ඖෂධයක්වන අනෝදා කිරි මව්වරුන්ට වඩාත්ම ගුණදායකය. අනෝදා වර්ග දහයක් පමණ සංඛ්‍යාවක් පවතී.

ඉන් ප්‍රධාන ලෙස ගැනෙන්නේ කටු අනෝදාය. (ඒදදධදච ර්භපඪජචබච) සීනි අනෝදා (මැටි අනෝදා) (ඒදදධදච ඉධදචථධඵච) වැලි අනෝදා (ඒදදධදච අඥබඪජභතචබච) සහ චෙරිමෝලියා (ඒදදධදච ඛ්ඩඥපඪථධතඪච) ඒ අනෝදා අතරින් ප්‍රධාන වර්ග සතරකි. අනෝදාවල පෝෂ්‍යපදාර්ථ ඉහළ තත්ත්වයක් පවතී.

ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ජලය ග්‍රෑම් 73.8 ශක්තිය කැලරි 93 ප්‍රෝටීන් ග්‍රෑම් 1.3 මේදය ග්‍රෑම් 0.4 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 23.7 කැල්සියම් මිලිග්‍රෑම් 41 පොස්පරස් මිලිග්‍රෑම් 39 පොටෑසියම් මිලිග්‍රෑම් 2.77 විටමින් සී මිලිග්‍රෑම් 43 ඊට අමතරව යකඩ සෝඩියම් හහා විටමින් සී ද බහුලව පවතී. කාබොහයිඩ්‍රේට් විටමින් සී බහුල පලතුරක් වන අනෝදාවලට සමහර පළත්වල භාවිතා වන්නේ කටු ආතා යනුවෙනි. මුත්‍රාගල් දියවීමේ මෙන්ම මුත්‍රා ඇතිවීම වළක්වන තත්ත්වයක් ද කටු අනෝදාවල ඇත. මෙම අනෝදවලට සංස්කෘත භාෂාවෙන් මෘදුපාල ක්‍රිෂ්ණාබීජ ගන්ධපාල ආදී නම්වලින්ද හඳුන්වයි. හින්දි බසින් රාම්පාල්, ලෝනා ආදී නම්වලින් ද දෙමළ බසෙන් ලල්සීනා පුල්ලිජපාල යන නම් වලින්ද හඳුන්වයි.

බේත් අනෝදා ඖෂධීය ගුණයෙන් ඉහළ තැනක් ගනී. එය හර්දයට හිතකරවන අතර රත්පිත් සමනය කිරීමේ ගුණයක් ද පවතී. මුත්‍රාකාරක ගුණයෙන් ද යුතු වන අතර ශාරීරික දුබලතා ආදී රෝගයන්ටද සංයෝග කරති. මල්වාසේ (ර්චතමචජඥචඥ) කුලයට අයත් අනෝදාවල පවතින සිට්ට්‍රික් අම්ලය සහ මැලික් අම්ලය වකුගඩු ඇතුළු මුත්‍රා පද්ධතිය පිරිසුදු කිරීමෙහිලා විශාල මෙහෙයක් ඉටු කරනු ලබති. වැලි අනෝදා වැලි ආත්තා යන නම් වලින් සිංහලෙන් හඳුන්වන අනෝදා පලතුරෙහි විද්‍යාත්මක නාමය වන්නේ ඇනෝනා ස්කුආ මොසා (ඒදදධදච ඉඳභච ථධඵච) යන්නයි. එය ෂූගර් ඇපල් ස්ටීව්සෝප් හා කස්ටඩ් ඇපල් යනුවෙන් ඉංගී‍්‍රසි බසින් හැඳින්වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත්.එම්.පී. රාජපුර
සටහන - එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.